Saturday, July 16, 2011

Ready සහ ලංකාව

අමාරුවෙන් Ready film එක බලල ඉවර උනා විතරයි. අමාරුවෙන් බැලුව කිව්වෙ මුකුත් ඇඟේ පතේ අමාරුවක් තිබ්බෙ නෑ. පරණ අච්චුවෙම  මෙලෝ රහක් නැති සාම්ප්‍රදායික හින්දි කතාවක් බලන් ඉන්නකොට නැති අමාරුත් ඇතිඋනා. මැදින් වැඩේ අතෑරල දාන්නෙ නැතුව ඔච්චර අමාරුවෙන් film එක බලාගෙන හිටියෙ වෙන මොකවත් නිසා නෙමේ. මේක ලංකාව කියන සුන්දර රටෙත් රූපගත කරල තියනව කියල අහල තිබ්බ නිසා. 

ඒත් ඉතින් මේකෙ "මෙන්න මෙන්න ලංකාවෙ තැනක්" කියල ආසාවට අඳුනගන්න පුලුවන් තැනක් දැක්කෙම නෑ. බස් එකේ යනගමනුයි, TV එකෙයි දැකල තියන හොටෙල් දෙක තුනක් වගේ නම් අමාරුවෙන් අඳුනගත්තා.  ඒ ඇරෙන්න ලංකාවෙ කරපු අනිත් ඔක්කොම රූපගත්කිරීම් කරන්න ඇත්තෙ හෝටල් කාමර ඇතුලෙ. ( ඒක දැක්කෙ මෙතන තියන video එකකින්) . හැබැයි තායිලන්තෙ නම් මෙන්න තායිලන්තෙ කියල හොයාගන්න පුලුවන් විදියෙ තැන් ගොඩක් (ගීත ජවනිකාත් එක්ක) තිබ්බා.

හරි... අවුලක් නෑ.. film එකට ඕන ඒව එපෑ රූපගත කරන්න. මට තියන ප්‍රශ්නෙ මේකයි. මේ film එක ලංකාවෙ රූපගත කලා කියල ලංකාවට ලැබුනෙ මොනවද? ඒ දවස් වල සලමන් ඛාන් ලංකාවට ඇවිල්ල film එකක් කරනව කියල media වල 1000 talks දුන්න මතකයි. ශ්‍රි ලාංකීය චිත්‍රපට කලාවේ ප්‍රගමනය, ජාත්‍යන්තර තාක්ෂණය වගේ බර වචන දදා තමා ඕක විග්‍රහ කලේ. ඔය කිව්ව ඒවගෙන් දෙක තුනක් හරි අපි නොදැන හරි හම්බවුනානම් ලොකු දෙයක්.  iifa ලංකාවට ගෙනල්ල මෙලෝ සෙතක් උනේ නෑ වගේ iifa නිසා  ලංකාවට ආපු Ready film එකෙනුත් ලංකාවට මුකුත් ලැබුනෙ නැති පාටයි.

ඒ උනාට Ready මේ අවුරුද්දෙ වැඩිම අදායම් තියපු හින්දි film එක උනා. iifa 2011 කැනඩාවෙ ටොරෙන්ටෝ නගරෙ තිබ්බා. ගියපාර I love you Colombo කියල කැගහපු නලු නිලියො සෙට් එකම මේ පාර I love you Toronto කියල බොක්කෙන්ම වගේ කැගැහුව.

ඔක්කොටම පස්සෙ අපිත් ඉතින් download කරන් බැලුවා.....

6 comments:

  1. මෙතන පොලිටිකල් කේස් එකක් තියෙනවනේ...ලංකාවෙ භූමි දර්ශන දැම්මනම් සමහර විට මේකෙ නිෂ්පාදක කන්ඩායමට අතුරු ප්‍රශ්ණ ඇතිවෙන්න තිබුන...

    ReplyDelete
  2. අඩුම ගානේ ෆිල්ම් එකේ ක්‍රෙඩිටිස් වලවත් locations වල‍ට ලංකාව දාලා තියෙනවා දැක්කේ නැහැ... මට මග ඇරුණද දන්නේ නැහැ..

    ReplyDelete
  3. @indi : මටත් එහෙම හිතෙනවා

    @ Dakshina : ඔය වගේම වැඩක් water film එක ලංකවෙ කරපු වෙලේ කරල තිබ්බා. ඒකෙ පසුතල නිර්මණ ශිල්පියගෙ නම (ලංකාවෙ කෙනෙක්) අයින් කරල වෙන නමක් දාල තිබුන.

    ReplyDelete
  4. යුෂ උරා බීපු උක් රොඩු වගේ ගානට ලංකාව වෑටිලා තියෙන්නේ ...

    ReplyDelete
  5. අපේ අඩවියට සබැඳියක් තිබුන නිසාත්,
    අපේ විශයට අදාල නිසාත් තමයි යමක් එකතු කරන්න හිතුනේ .....

    ready වට්ටොරු චිත්‍රපටියක් නිසා තමන්ට ඕනි දෙයක් එකතු කරල රූගත කිරීමේ හැකියාව නිර්මාණ කරුවාටබ තියනව. ඒ නිසා ලංකාවෙ සුන්දර තැනක් එකතු කරන්න වුවමනාවක් තිබ්බා නම් ඔහුට පුලුවන් . එහෙම නොකරන්න මූලික හෙතුව වෙන්න ඇත්තෙ දේශපාලනික කාරනා වෙන්න ඇති. හැබැයි අපේ කාට හරි හැකියාවක් තිබුන නම් ලංකාවෙ ලස්සන තැනක දර්ශන දෙක තුනක් එකතු කරගන්න තැනට සම්බන්ධීකරණ කටයුතු කරගන්න සැහෙන වටිනව. මොකද නිර්මාණාත්මකව අසාර්ථක උනත්, චිත්‍රපටිය ආදායම් අතින් සාර්ථකයිනෙ

    ReplyDelete
  6. අනේ අනිච්චං මෙහෙමනේ බං මේ ලන්කාවනේ.. කොතල හිඹු‍ටු ලන්කවට ආවෙනික එකක්.ඒත් පේටන්ට් තියෙන්නේ ජපානෙට... ඔය වගේ තමයි අපේ හරක්ට රට ගැන කිසිම කැක්කුමක් නැහැ.තියෙනම් රටේ සම්පත් ඔහොම එක එකාට පිනට දෙන්නේ නැහැ....

    ReplyDelete