Wednesday, July 13, 2011

FB Vs G+

Google + කියන වචනෙ අහල නම් ටිකක් කල්. ඒත් ඒක ගැන එච්චර මීටරයක් මට තිබ්බෙ නෑ. මම ඉතින් දැහැමින් සෙමින් FB එකේ චැටක් දාගෙන හිටිය. ඔහොම ඉන්නකොට තමා අහන්න ලැබෙන්නෙ G+ කියන්නෙ FB වගේම සීන් එකක් කියල.(වගේ කිව්වට වගේම නෙමෙයි තමා...ඒත් සමාන්‍ය මිනිහෙක්ට ඔය දෙකේ වැඩි වෙනසක් දැන්ම තේරෙන්නෙ නෑ නෙ.) FB කිව්වම  කියන්න තියෙන්නෙ ඉතින්  මගේ ජීවිතේ වටිනා තරුණ කාලෙන් අම්බානක් වැය කරවන්නම මාර්ක් සකර්බර්ග් අයියට පහල වෙච්ච වටිනා අදහසක් නෙ ඕක. (උගෙ වරදක් නෑ..මගෙයි වරද)   ඌටම සෙට් උනානෙ මම දන්නයි නොදන්නයි යාලුවො සෙට් එකක්ම. ඉතින් ඒ හින්ද මම හිතාගෙන හිටියෙ අයෙ අම්ම මුත්ත කිව්වත් තවත් අලුත් FB එකකටවත්, FB වගේ මොකකටවත් සෙට් වෙන්නෙ නෑ කියල. අලි මදිවට හරක් ඕන නෑ නෙ. 

ඒත් කොහෙද මේ කෘර සමාජෙ මට එහෙම ඉන්න දුන්නද? නෑ නෙ. අද ලැබ් එකට ගියාම ලැබ් එකේ කලු ඇඩ්මින් බඩා කවදාවත් නැතුව සද්දයක් දැම්මනෙ FB යන්න එපා කියල. අපිත් ඉතින් ඌ කියන දේ පිලිපදින්න ඕන නිසා FB එකටම ලොග් උනා. පොඩ්ඩක් විතර ‍රැව්ව තමා.ඒත් අපි ඉතින් ගනං ගත්තෙ නෑ. ටිකවෙලාවකින් අපේ සෙල්ලං ඉවරයි. කලු බඩා උගෙ ඇඩ්මින් බලතල පාවිච්චි කරල තිබ්බ.FB ඇරෙන්න අනික් ඔක්කොටම යන්න පුලුවන්. හම්ම්ම්.... ඉතින් මොනව කරන්නද.හැරිල එන්න තමා හැදුවෙ.ඒත් මාත් එක්ක ගිය එකෙක් විතරක් නැගිට්ටෙ නෑ. මෙන්න මූ G+ එකේ. නිල් පාට රවුමක් වටේට මූණු ගොඩක් කැරකෙනව. ආසාවෙ බෑ....  හරියන්නෑ... ප්‍රතිපත්ති වෙනස් කරන්න කාලෙ හරි කියල තේරුණා.කොහොමත් ඒව තියෙන්නෙම වෙනස් කරන්න නේ. මාත් ඉතින් නමෝ විත්තියෙන් වැඩේට එන්ටර් උනා. අරුටම කියල invitation එකක් එවාගෙන මගේම profile එකක් හදාගත්ත.

ටිකක් එහාට මෙහාට රවුමක් දානකොටනෙ දැක්කෙ මම ඇරෙන්න හෙන සෙට් එකක් දැන්ම වැඩේට බැහැල කියල. කොම්පියුටර් ගැන ඉගන ගන්න සෙට් එකේ 100න් 101ක් ම දැනටම මේකෙ ඉන්නව කියල දැක්ක. ඊට අමතරව බ්ලොග් අවකාශෙ අහල පුරුදු නම් කීපයකුත් G+ වැඩ පටන් අරන් කලින්ම.ඉතින් ආසාවෙ බෑ. මමත් ඇරඹුව කස්ටියව circle ගතකිරීම. කට්ටියම තාම ඉන්නෙ මූලික අවධියෙ. profile pic එක විතරයි පේන්න තිබුනෙ. මමත් ඉතින් ටාර් ගාල FB එකේ ඒ වෙලාවෙ open වෙලා තිබ්බ profile pic එකම එහෙමම කොපි කරල දැම්ම. 
 
එතකොටනෙ මතක් උනේ ..මීට අවුරුදු 4කට විතර කලින් අලුතින්ම FB ආපු දවසෙ මේ වගේම ලැබ් එකකදි myspace එකේ තිබ්බ ෆොටෝ එකක් තමා මුලින්ම කොපි කරල FB  එකට දැම්මෙ. එදායින් අවුරුදු 4 පහුවුන අද වෙනකොට මට myspace passward එකවත් හරියට ෂුවර් නෑ.

soical networking කියන එක මම මුලින්ම අහන්නෙ විජය පරිඝනක සඟරාවකින්. ඒකෙ තිබ්බෙ ඉතින් සිංහලෙන් සමාජශාලා වෙබ් අඩවි කියලද කොහෙද. ඔය කාලෙ මම ඒ ලෙවල්...මාක් සකර්බර්ග් අයිය කැම්පස්... කෙල්ල දාල ගිහින් නැතුව ඇති ඒ වෙනකොට මම හිතන්නෙ.මිනිස්සු yahoo වලින් search කරනවා. මම අපේ තාත්තට කියනව A/Lවලින් පස්සෙ කෑෆේ (තේ බොන ඒව නෙමේ) එකක් දාගත්තනම් මරු බිස්නස් කියල. තාත්ත මට XXXXXXXX.

Combine Maths දවසම ක්ලාස් තියනකොට සවස තේ පානය සඳහා පන්තිය මදකට නතරකරද්දි මම දවසේ ඉනිම නවත්තල දවල්ට කාල ඉතුරු වෙච්ච රු 50 ( පැයට 50යි.විනාඩි 5 ක් වැඩි උනොත් 100)කුත් තියාගෙන cafe එකකට රිංගනව. ඕවගෙ තියන on වෙන්න පැය කාලක් විතර යන හපු‍ටු කොම්පියුටරටක තමා මම මුලින්ම myspace account එකකුයි Hi5 account එකකුයි හදන්නෙ. ඔය වචන දෙකම මම අහුලගන්නෙ පරිඝනක සඟරාවෙන්. Account හැදුවයි කියල ඉතින් හැදුවම තමා.එතනින් එහාට ලස්සන කෙල්ලෙක්ව වගෙ දැකපු ගමන් බකස් ගාල  add කරගන්න එක වගේ ඇරෙන්න වෙන දෙයක් කලේ නෑ. ඒ කාලෙ ඊට වඩා කරන්න වැඩ තිබ්බ. වෙලාවට පඳුරකට ගැහුවොත් internet dongel පහ හයක් එලියට විසි වෙන්න මම දෙපාරක් A/L කරලත් තව අවුරුදු දෙක තුනකුත් ගත්වුනේ. (නැත්නම් තාම A/L)

කොහොම හරි සකර්බර්ග් කාපු බූට් එකෙන් පස්සෙ සෙට් වෙච්ච The FB එක FB වෙලා ක්‍රියාශිලී සාමජිකයො මිලියන 750ක් වෙනකන් ආපු ගමනෙ මමත් පොර එක්කම හිටියා..මිනිහ ලෝකෙ ලාබාලම ධනවතා උනා(අබමල් රේණුවකවත් ඊරිසියාවක් නෑ ඕං..මම නම් කියන්නෙ මිනිහගෙ හැකියාව සහ වෙලාව). ඔච්චර  සෙට් උනාටත් පස්සෙ ඕකට කෙලවන්න මොකක්වත් එයි කියල සකර්බර්ග් වත් හිතන්න  නැතුව ඇති.
කොහොමහරි searching කියන වචනය වෙනුවට googling කියල අලුත් වචනයක් හඳුන්වල දීපු සෙට් එක soical networking වලටත් සෙට් වෙලා. ඔන්න අනිත් අය ගිය නිසා මාත් ගියා. කොහොමත් අලුත් අලුත් දෑ තැනීම කෙසේ වෙතත් අලුත් අලුත් දෑ වැලඳගැනීම අතින් නම් අපි ලෝකෙ නොම්බර 3 කියලයි... G+ වැඩියෙන්ම බදාගෙන තියෙන්නෙ ඉංජො කියලයි මම දැනගත්තෙ මෙන්න මේ බ්ලොග් එකෙන්.

අනාගතේ ගැන හීන දකින්න දැන්මම කල් වැඩි උනත් අතීතයේ උන දේවල් නැවතත් සිද්දනොවෙයි කියල කාටද කියන්න  පුලුවන්. හැමෝම යන පැත්තට අපිටත් යන්න වෙයි. නැත්නම් අපි තනිවෙයි. එහෙම උනත් නොවුනත් ඒ හැඟීමටත් අපි බයයි නේ. මම ලෑස්තියි......වැල යන පැත්තට මැස්ස බඳින්න මම රෙඩි...

 තව අවුරුදු 4කින් මට මොකකට හරි profile pic එකක් ඕන උනොත් එදාට G+ එක තියෙයි නේ.......

5 comments:

  1. ඇත්තටම ස්කර්බර් මේකට කොම් රිප්ලයි කරගනීද දන්නෙ නෑ නේ..
    සමහරවිට ඇඩ් එහෙම එන්න ගත්තම මේක එපා වෙයි නේද??
    කෝමත් පහුගිය කාලෙ ෆේස්බුක් කස්ටියට එපා වේගෙනත් ආව නේ...
    එක වාසියක් තියෙනව ජී ප්ලස් වල ඒතමයි..අපේ පෝස්ට් එක අදාල සර්කල් විතරක් දැමීෙම් හැකියාව..
    එතකොට මගේ බූට් සීන් අක්ක දැනගැනීමේ අවස්ථාව අඩු වෙයි මයෙ හිතේ...

    ReplyDelete
  2. මොනා කරන්නද බං ? මගෙ බුකිය අනාතයි

    ReplyDelete
  3. invitation එකක් දෙන්නකො.අපිටත් පොඩ්ඩක් බලන්න..
    priyantha08@gmail.com

    ReplyDelete
  4. නියම බ්ලොග් පොස්ට් එක.. මාත් මේ ගැන දැම්මා ඒත් මෙ වගේ ලස්සන වචනනම් නෑ එත් ඉතින් මාත් නිකන් ඔන්න ඔහෙ ඒ ගැන කියල දැම්මා...
    මාත් මුලින් හිතන් හිටියෙ ජිවිතේට FB account ekak හදන්නෙ නෑ කියල. එත් මෙ කෘර ලොකය එකට මට ඉඩ දුන්නෙ නෑ. දැන් තව එකක් මොන කරන්නද මාත් ඉතින් ඔකට ගිහින් නිකන් බැලුව එත්.... අනේ මන්ද... අපි හරක්ද කියලත් හිතෙනව වෙලාවකට... :D

    ReplyDelete
  5. @indi : මොන දේත් ටික කාලයයි..,,සර්කල් වැඩේ නම් සිරා තමා...

    @මාක් මාමේ : පිස්සුද? බුකිය තාම අල්ලල යනව. මාමගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ.

    @ ප්‍රියන්ත කරුණාරත්න : ඔන්න එව්වා.....

    @ ජීවන්ත තාරක :උඹේ පොස්ට් එක මම කලින් කියෙව්වා... FB යන එක නම් හරක් වැඩක් නෙමේ. ඒත් FB එකේ පැලපදියම් වෙලා ඉන්න එක නම් හරක් වැඩක්. මේ මම වගේ.....

    ReplyDelete