Sunday, July 3, 2011

බස් හෝල්ට් එකේ සිට...

බලන් හිඳ ඔයා දෙස
එනතුරා හිමිහිමින්
කහ ඉරෙන් මාරු වී
අපේ බස් නැවතුමට
අදත් මට මිස් උනා
යන්න හිටි බස් රථය
තවත් එක වතාවක්
මට හුරු පුරුදු ලෙසම

තවත් පැය බාගයක්
දෙදෙනාම එක ලඟින්
ඔයා ඔහු එන තුරා
මම බසය එන තුරා

3 comments:

  1. මටත් තියනව ඔය වගේ සොඳුරු අතීතයක්!ගොඩක් ස්තුතියි ඒ මතකයන් අලුත් කලාට~

    ReplyDelete
  2. ඔයත් හොයාගන්නකො ඔයා එනකන් බලන් ඉන්න කෙනෙක්.එතකොට හරීනෙ.

    ReplyDelete
  3. @sabith : ආපහු හැරිල බලනකොට නම් සුන්දරයි තමා

    @ගලායන ජීවිතය : කියන්න ලේසියි..කරන්න චුට්ටක් විතර අමාරුයි...

    ReplyDelete