අද පොඩි විචාරයක් කරන්න යන්නෙ. මම බොහොම ආසාවෙන් බලපු ස්වයංජාත ටෙලිනාට්‍යය ගැන. මේ නාට්‍යය අවසානෙ මගේ හිතට ප්‍රශ්න ගොඩක් ආවා. ඒ ප්‍රශ්න ටික තමා ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. මම දන්නෙ නෑ කොයිතරම් දුරට බ්ලොග් කියවන අය ටෙලිනාට්‍යය බලනවද, ටෙලිනාට්‍යය බලන අය බ්ලොග් කියවනවද කියල.
බ්ලොග් කියවන අය අතරෙ ඉන්නවද ස්වයංජාත ටෙලිනාට්‍යය බලපු කට්ටිය. ඒ වගේම නාට්‍යත් බලල පොතකියවල තියන අය. ස්වයංජාත ටෙලිනාට්‍යය කියන්නෙ පහුගිය කාලෙ ලංකාවෙ හැට හුටාමාරක් චැනල් වල ගිය ටෙලිනාට්‍යය අතරින් බලන්න පුලුවන් මට්ටමේ තිබ්බ එකම එක ටෙලිනාට්‍ය කියලයි මට නම් හිතෙන්නෙ. මේ නාට්‍යය නිර්මාණය කරල තිබ්බෙ සමරවීර විජයසිංහ මහතාගෙ ස්වයංජාත කියන නවකතාවෙන්. මමත් මේ නාට්‍යය පටන්ගන්නකොට මේ පොත ගැන දැනගෙන හිටියෙ නෑ. එත් නාට්‍යයේ කොටස් කීපයක් යනකොට මේ කතාව අනිත් ඒවට වඩා ගොඩක් වෙනස් එකක් බව පැහැදිලිවම පෙනුනා. ඒ වගේම මේ කතාව රූප මාධ්‍යයට නගන්න ලංකාවෙ හැටියට ගොඩක් ලොකු වෙහෙසක් අරගෙන තිබ්බා. මේ නිසාම කතාවෙ කොටස් කීපයක් යනකොටම මේ පොත කියවන්න ලොකු ආසාවක් මට ඇතිඋනා. කොහොමහරි අවසානයේ පොත හොයාගෙන කියවනකොට නාට්‍යයේ මැද හරියට ඇවිල්ල තිබ්බා.
මේ හින්දම පොත කියවනකොට කතාවෙ චරිත වලට මගේ මනසෙ ඇඳුනෙ ටෙලිනට්‍යයේ රඟපාන චරිතමයි. මේ කතාව ගොඩනැගෙන්නෙ 1920-1970 කාල වකවානුවෙ. මේ කතාවෙ මුල හරිය මෙන්න මේ වගේ. පබිලිනා හාමි කියන්නෙ දරුවන් නැති බව නිසා සිත් තැවුලෙන් සිටින කාන්තාවක්. මේ ගමේ පන්සලේ වැඩසිටිනව යක්කුටිගල හාමුදුරුවො කියල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම් දන්න හාමුදුරු නමක්. මේ හාමුදුරුවො මුහුනුවරින් ගොඩාක් විරූපියි. ඒ වගේම බොහොම නිශ්ශබ්ද භාවනාවට යොමුවුන කෙනෙක්. පබිලිනා හාමි දරුවෙක් ලබාගන්න බලාපොරොත්තුවෙන් මේ හාමුදුරුවන්ගේ වෙදකම් ගන්න යොමු වෙනව. කොහොමහරි අවසානයේ පබිලිනාහමිට ලැබෙන දරුව මුහුනුවරින් මේ හාමුදුරුවො වගේම වෙනව. මේ නිසා පවුලෙන් එන අවමාන නිසා පබිලිනා වස බීල මියයනව.
අන්තිමට මේ දරුවව හදාගන්නෙ පබිලිනාගෙ නංගි එමලිනා හාමි. කතාවෙ ඉතුරු කොටස ගොඩනැගෙන්නෙ විභූතිරත්න ( මේ දරුව - ජගත් චමිල) එමලිනාහාමිගෙ දුවල දෙන්න වෙන පබාවති( චතුරික පීරිස්) සහ මන්ද්‍රි (නිලියගෙ නම දන්නෙ නෑ) එක්ක ගතකරන ජීවිතෙත් එක්ක.
ඉතින් මම කිව්ව වගේ පොත කියවද්දි මම මේ චරිත ඒ විදියටම හිතේ තියාගෙන තමා පොත කියෙව්වෙ. එක හුස්මට බොහොම ආසවෙන් පොත කියවල ඉවර කලා. පස්සෙ ඉතින් බලාගෙන හිටියෙ මේ කතාව රූප පෙට්ටියෙ ගොඩනැගෙන්නෙ කොහොමද කියල. අනේ.... ඒත් උනේ වෙන දෙයක්. එන්න එන්න කතාව පොතේ තියන කතාවෙන් වෙනස් වෙන්න ගත්තා. පොතේ එන විභූතිරත්නගෙ චරිතය බොහොම නිශ්ශබ්ද හිනාවත් නොවන බොහොම ශක්තිමත් ශරීරයක් තියන චරිතයක්. ඒත් ටෙලිනට්‍යයේ මේ ලක්ෂන ගොඩක් අඩු කරල තමා චරිතෙ ගොඩනැගුවෙ. පොතේ කියවෙන විභූතිරත්නගෙ ශරීර ශක්තිය ගැන නාට්‍යයේ සඳහන් උනේ නැති තරම්. ඒ වගේම නාට්‍යයේදි පොතේ තියෙන මූලික කතාවට වඩා වෙන කතා ගොඩක් එකතු කරල ඒ කතාවල් වලට මුල් තැන දීල තිබ්බ. විභූතිරත්නගෙ කතාව කියනවට වඩා අන්තිම කාලෙදි නාට්‍යය වෙන්වුනේ ලංකාවෙ ඒ කාලෙ ඇතිවෙච්ච සමාජ වෙනස ගැන කියන්න. ඒකට මේ කතාවෙ ආපු එක එක චරිත යොදා ගත්ත. හරියට ගම්පෙරලියෙ උනා වගේ. උදාහරණයක් හැටියට මන්ද්රී කොලඹ ගියාට පස්සෙ වෙනස්( සින්ගලෙන් කිව්වොත් "පොෂ්") වෙන එක, සමසමාජ ව්‍යාපාරය ගැන කතාව වගේ පෙන්නල දෙන්න පුලුවන්. ඒකෙ වරදක් නෑ. ඒත් එහෙම කිසිම දෙයක් පොතේ තිබ්බෙ නෑ.
මොන විදියට කතාව ගලාගෙන ගියත් අඩු තරමින් අවසානය වත් පොතේ තිබ්බ විදියට වෙයි කියල මම බලපොරොත්තු උනා. නමුත් ඒකත් ඊට හාත්පසින්ම වෙනස් විදියට තමා අවසන් උනේ.(පොතේ එන විදියට පබා සහ විබූතිරත්න එකතු වෙනව වෙනුවට ඒ දෙන්න වෙන්වෙන විදියට අංශක 360 ක වෙනසකින් තමා නාට්‍යය අවසාන උනේ)
මට තියන ප්රශ්නය මේකයි. නවකතාවක් රූපමාධ්‍යට ගද්දි මේ විදියට ඒ මුල් කතාවට හානි කරන එක සාධාරනද? ඒක ඒ නවකතාව කියවපු අයට කරන අසාධාරනයක් නෙමේද?
මොනව උනත් ස්වයංජාත ටෙලිනාට්‍යය ලංකාවෙ නිර්මාණය වුන හොඳම නාට්‍යය අතරට එකතුවෙනව කියන එකනම් කියන්නම ඕන. එත් කතාව වෙනස් කරපු එක තමා ගැටලුව.
අවසාන වශයෙන් මේ ටෙලිනාට්‍යයෙ තේමා ගීතය ගැන යමක් කියන්නම ඕන. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසින්හයන් විශින් ගායනා කරන මේ ගීතය මම ජීවිතේ අහපු ලස්සනම (සංගීතයෙන් විතරක් නෙමේ අර්ථයෙනුත්) ගීතයක් කියලත් කියන්නම ඕන.
මේ ගීතයේ තැනක මෙහෙම සඳහන් වෙනවා.
"ස්වයංජාතව ඉබේ ඇතිවෙන පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය........................."
පුලුවන් නම් උත්තරයක් දෙන්න................
ඡායාරූප උපුටාගත්තෙ ස්වයංජාත facebook page එකෙන්....
http://www.facebook.com/pages/Swayanjatha/135356236500759