Thursday, July 7, 2011

අලුත් පෙම් කවිය

නුවන් යුග පිබිදිලා
බොහෝ කලකට පසුව
දකින්නට හීනයක්
මග බලා සිටිනවා

දෙසවනත් සැරසිලා
මෙතෙක් නෑසී තිබුණු
පුංචි මුණු මුණුවකට
ඉඩ හදන් සිටිනවා

දෑත අසරණ වෙලා
සොයයි ඉස්පාසුවක්
ලබන්නට ඒ පහස
නොදැනීම සැලෙනවා

හදවතට ඉඩක් නෑ
දරා ගන්නට හැඟුම්
අසුරු සැණකට වරක්
එකින් එක වැඩෙනවා

ලියන්නට සිත් වෙලා
මේ අලුත් පෙම් කවිය
මටත් පෙර මගේ සිත
සැරසිලා සිටිනවා.....

3 comments:

  1. ලස්සන ආදර හැගීමක්.

    ReplyDelete
  2. සැරසිලා ඉන්න හිත
    පුදසුනක් මත තබා
    ඔබේ ඔය හිත ගාව
    හීනයක් මවනවා

    ඒ හිනේ දු‍ටු දාක
    නුඹ ඇවිත් මං ගාව
    නැවතිලා හිමි හිමින්
    ආදරෙයි කියනවා

    මගේ මේ පෙම් කවිය
    දු‍ටු දාක නුඹේ නෙත්
    දුක් කඳුලැලි පිසදාපන්
    අලුත් ඇරඹුමට මත්තෙන්

    ReplyDelete
  3. @ගලායන ජීවිතය : ස්තූතියි.....

    @කඩේ හාමිනේ : ලස්සන reply එකක්

    ReplyDelete