Tuesday, August 2, 2011

මට තේරෙන්නෙ නෑ ඇයි කියල...

 එක පුංචි හීනයක්
එකම එක වාරයක්
සත්තමයි දු‍ටුවා
වගේ මතක තිබුනා

ඒ පුංචි හීනයේ
යන්තමින් දු‍ටුව රුව
හිත් කොනින් මැකී යන්නට
ලංව තිබුනා

කිසි අමුත්තක් නෑ
ගලා ගිය ජීවිතය
ඔය නිහඬ රුව දු‍ටුව
දින එතැන ‍රැඳුනා

අමතකව යන්න ගිය
ඒ පුංචි හීනයට
අමුතු ආදරයකින්
ළංවෙන්න සිතුනා

මේ මෙව්ව එක ලිව්වෙ ගිය සතියෙ වැරදිල වැරදි ලෙක්චර් එකක පැය දෙකක් වාත වෙවී ඉඳිද්දි. 

3 comments:

  1. ඔයා ලියල තියන මෙව්ව එක ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  2. සිරා මෙව්ව එක බං... තව එව්වා ලියපං...

    ReplyDelete
  3. @ නදී අක්කේ , ගෝල්ඩ් ‍ෆිෂ් : තැන්ක් යු වේවා..

    ReplyDelete