Sunday, October 9, 2011

චේ..

අර්නෙස්ටෝ ගුවේරා ලා සර්නා

දු‍ටුවෙමි නුඹව
T එකක පි‍ටුපස
ඇදෙනවිට KFC

මමත් ගන්න ඕනා
මාර ගති
කීයද දන්නෑ.....

Sunday, October 2, 2011

හිරු පායන ලොවක් ...

ජීවිතය...
නාකපන
වැස්සකට අසුවී
මහා සුළි සුළඟකින්
තුරුපත් බිඳවැටී
ගැලූ වැහි වතුරින්
පොළව සේදී ගොස්
තිබුණු පොඩි හීන කඳු
තැනින් තැන නායගිය
ස්වාභාවික යැයි කිව
නොහැකි විපතකට පසු
පුංචි හිරු කිරණක්
ආයෙමත් වැටිලාද?

විශ්වාස කරන්නත් අමාරුයි
මතක් වෙනවා අතීතය
කල් වැඩියි හිතන්නට
හිරු පායන ලොවක් ගැන
තවම....

Tuesday, August 30, 2011

ආයෙමත් වහිනවා......


වස්සානය
අතීතයට එක්වී
සිත් විල වියලී
ඉරි තලා යද්දී

ආයෙමත්
මහා වැහි බිඳු
කොළඹ අහසින්
පතිතවෙන හැටි

කේඬෑරි වුන
සිහින තණපත්
ලැව් ගින්නකට
මුල පුරද්දී

පාර අද්දර
වැටමාර ගස්
මඩ වතුර බී
සැනහෙනා හැටි

හිතේ ගින්දර
මකාලන්නට
ඔය වැස්ස දෙන
සිසිල මදිමුත්

නොනැවති එක
දිගට වැහැපන්
ගතටවත් සිසිල වී
හිත මොකක් වූවත්....

Saturday, August 13, 2011

අවසානයට මොහොතකට පෙර....

අද....

පසළොස්වක හඳ
අහසෙ පායලා
මුලු නුවරම
පෙරහැරට සැරසෙද්දි
අපි දෙන්න අඬනවා

දළදා සමිඳුත් නොදකින
නුවර කඳු වළල්ලක්
මහා පවුරක් වෙලා
ඔයාව හිරකරගෙන

මම අනෙක් පස
ඒ කඳු වළල්ල දිහා
කඳුලු මැදින් බල බල
සුසුම් හෙලනව

අපි දැන් මොකද කරන්නෙ?
දෙන්නට දෙන්න
අහන ප්‍රශ්නෙට
දෙන්නටම උත්තර නෑ

හැමදාම ඉන්න
නමුණුකුල කන්ද වගේ
කිසිදාක නොසැලී
හැම දුකම දරාගෙන

බොල්ගොඩ ඉවුර වගේ
මහා ජල කඳ රඳාගෙන
බිඳක් වත්
පිටත යානොදී

එහෙමයි කිව්වෙ
දෙන්නට දෙන්න

හැමදාම හිනා වෙන්න...
එච්චරයි......

Sunday, August 7, 2011

හීන දහසක් මැදින් විභාග ශාලාවට... හෙට...


මට ඒක ඉවරවෙලා අවුරුදු හයක් විතර. අද මම කොච්චර try කලත් එදා දවස කොහොමද කියල මතක්කරගන්න අමාරුයි. අවුරුදු 6 ක් කියන්නෙ එච්චර ලොකු කාලයක්ද? ඒත් එක දෙයක් මතකයි . ඊට පස්සෙ ආපු එක exam එකක්වත් ලියන්න කලින් දවසෙ ඒ වගේ හැඟීමක් ආවෙ නෑ. ඒක A/L වලට unique. කවුරු මොනව කිව්වත්, මොන තර්ක ගෙනාවත් ලංකාවෙ A/L කියන්නෙ ජීවිතය තීරණය කරන සාධකයක්. විභාගෙකට එහෙම කරන්න දෙන්න හොඳනෑ තමා. ඒත් ලංකවෙ එහෙම වෙලා තියනව.

අද අවුරුදු 6කට පස්සෙ අපේ මල්ලි ඒ දවස ගතකරනව. මිනිහ තාම වැඩ. උදේ නැගිට්ටෙ පාන්දර 4 ට. යාලුවො දෙන්නෙක් ගෙදරට ආව මහ පාන්දර. උදේ වරුවම කට්ටිය වැඩ. මම නම් ගොඩක් පාඩම් කලේ තනියමමයි. අනික මලාට පාන්දර නැගිටල නෑ. (මලයත් හැබැයි අද විතරයි) කට්ටිය මොනව කලාද දන්නෙ නෑ. මම ඉතින් දෙන්න ගියෙ නෑ.නොදන්න දේවල් වලට ඇඟිලි ගහන්න ඕන නෑ නෙ. මලය commerce මම maths. 
 
අපේ මලය ඒකාලෙ ඉඳලම කිව්වෙ "මටනම් ඔය sin, cos, tan තේරෙන්නෙ නෑ" කියල. ඒ දවස් වල මගෙ කටේම තිබ්බෙ ඔය වචනනෙ. ඌට ඒව අහලම එපා වෙන්න ඇති. ඊට පස්සෙ දවල් වරුවෙ මිනිහ රාජකීය නින්දක් දැම්ම. හවස ආයෙමත් වැඩ. අම්ම ඔක්කොම ලඟට supply කරනව. ඉඳල හිටල එකපාරට එලියට එනව. TV  එක බලනව.කම්පියුටරේට එබෙනව. එකපාරට commerce සබ්ජෙක්ට් එකකින් මොකක් හරි කතාවක් පටන් ගන්නව. අපිත් ඉතින් අහන් ඉන්නව. තේරෙනව කියලයෑ. කියන ඔක්කොටම ඔලුව වනනව. පොඩ්ඩක් මිනිහව නග්ගල තියන්නත් ඕන නේ.
 
දැන් 11.00 ත් වෙලා.තාම වැඩ. ගේම අතාරින්නෙම නෑ වගේ. දැන් ඉතින් ගිහින් නිදාගන්න කියන්න ඕන. එතකොටත් කියයි හොඳ හොඳ කතා ටිකක්. අහන් ඉන්න ඕන අමාරුවෙන් හරි.  උදේ ඉඳල calls ගොඩයි. සුභ පැතුම් ඔක්කොටම කලින්. කෙල්ලො call කරනව හි‍ටු කියල. මලය ඒ subject එක නම් හොඳට ගොඩ දාල තියනව.

කොහෙම උනත් අපේ මලයත් ඇතුලුව pass paper එකක්වත් නොලිය(මේ අලුත් syllabus එකේ මුල්ම විභාගෙනේ) හෙට A/L ලියන්න යන හැමෝටම වැඩේ හොඳටම ගොඩදාගන්න සියලු ගට ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Tuesday, August 2, 2011

මට තේරෙන්නෙ නෑ ඇයි කියල...

 එක පුංචි හීනයක්
එකම එක වාරයක්
සත්තමයි දු‍ටුවා
වගේ මතක තිබුනා

ඒ පුංචි හීනයේ
යන්තමින් දු‍ටුව රුව
හිත් කොනින් මැකී යන්නට
ලංව තිබුනා

කිසි අමුත්තක් නෑ
ගලා ගිය ජීවිතය
ඔය නිහඬ රුව දු‍ටුව
දින එතැන ‍රැඳුනා

අමතකව යන්න ගිය
ඒ පුංචි හීනයට
අමුතු ආදරයකින්
ළංවෙන්න සිතුනා

මේ මෙව්ව එක ලිව්වෙ ගිය සතියෙ වැරදිල වැරදි ලෙක්චර් එකක පැය දෙකක් වාත වෙවී ඉඳිද්දි. 

Tuesday, July 26, 2011

සුන්දර නමුණුකුල

අධ්‍යාපනික විදියට හරි, ගවේශණ විදියට හරි, නැත්නම් fun එකට හරි මෝඩ ආතල් එකකට හරි  trip යන එක නම් දැන් සිද්ද වෙන්නෙ ගොඩක් අඩුවෙන්. මොකක් හරි එක ජීවන රටාවකට පුරුදු උනාම වැඩක් තිබ්බත් නැතත්  ඒකෙන් අත් මිදෙන්න මාර අමාරුයි. අනික මොකක් හරි ගමනක් යන්න කට්ටියටම පුලුවන් දවසක් හොයන්න සතියෙ දවස් 7ට අමතරව තව දවසක් අඳුන්නල දෙන්න වෙනවා. කොහොම හරි ගොඩ කාලෙකට පස්සෙ බොහොම සුන්දර ගමනක් යන්න අවස්ථාවක් ලැබුනා. අපේ ගමනාන්තය උනේ සුන්දර නමුණුකුල කඳු මුදුන. මේ වගේ ගමන් ගැන එච්චර අත්දැකීම් නැතත් බාගෙට adventure උපරිම fun මේ ගමන ගැන පොඩි සටහනක් මේ විදියට කරන්න හිතුනා.

මුලින්ම නමුණුකුල නැන දන්න විස්තර ටිකක් කියන්නම්. නමුණුකුල කියන්නෙ බදුල්ල දිස්ත්‍රිකයෙ බදුල්ල නගරයට ආසන්නයෙන් (ටිකක් දුරයි) තියන කන්දක්. 1:50,000 සිතියමට අනුව මේකෙ උස මීටර් 2035.76ක්. ලංකාවෙ 11 වෙනියට උසම කන්ද මේක කියල තමා කියන්නෙ.

තේ වත්ත මැදින්...
අපි කොළඹින් ගමන පටන් ගත්තෙ ‍රැ 8.00 ට පටන්ගන්න බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන්. ගමන low cost එකක් නිසා අපිනම් ගියෙ 3 වෙනි පන්තියේ. පුරුදු පරිදි හරියටම 7.59 වෙද්දි ස්ටේෂමට ආපු නිසා හිටගෙන තමා ගමන පටන්ගත්තෙ. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් උනේ නෑ. පොල්ගහවෙල හරියෙදි සීට් හම්බවුනත් කාටවත් ඉඳගන්න ඕන උනේ නැත්ත කට්ටියම සින්දු කියන්න පටන් අරන් හිටිය නිසා. කොහොමහරි සින්දු කිවිල්ල ඉවර උනේ දන්න ඔක්කොම වගේ සින්දු ටික ඉවර වෙලා අන්තිමට බොඳ මීදුම්, පබා ටෙලි  නාට්‍ය වල theme song ටිකත් කියල ඉවර උනාට පස්සෙ. අන්තිමට හැමෝම සීට් එක ගානෙ බදු අරගෙන හොඳට වැටිල නිදාගත්ත. ආපහු ඇහැරුනේ බණ්ඩාරවෙල හරියෙදි. වෙලාව  ඉතුරු කරගන්න ඕන නිසා අපි කෝච්චියෙදිම උදේ ආහාරය ගත්තා. (දත් මැද්දද කියල අහන්න එපා)ඔය අතරෙ කෝච්චි පාර දෙපැත්තෙ පේන සුන්දරත්වය විඳගන්නත් අමතක කලේ නෑ.  කොහොමහරි එදා  ටිකක් වේලාසනින් (7.45 වගේ වෙද්දි) night mail එක බදුල්ලට ලඟා උනා. කොහොමහරි 8.00 කෝච්චිය අල්ලන්න 7.59 ට ආපු නිසා කොළඹින් ගන්න අමතක වෙච්ච අඩුම කුඩුම බදුල්ලෙ හොයන්න තව පැය 2 ක් විතර වැයකරන්න උනා.

තේ වත්ත මැදින්...
 අපේ වාසනාවට අපේ කඳු නැගීම පටන්ගන්න බලාපොරොත්තු වෙන දෙවනගල ( මේ ඇරෙන්න නමුණුකුල කන්ද තරණය කරන්න පටන්ගන්න පුලුවන් ගොඩක් තැන් තියනවා) වෙනකන් යන වාහනයක් හොයාගන්න අපිට පුලුවන් උනා. ඒක ඒ පැත්තෙ ලයිමක වාහනයක්. ඒ නිසා බොහොම අඩු මුදලකට කන්ද පාමුලටම යන්න අපිට  පුලුවන් උනා. ඌව වෙල්ලස්ස කැම්පස් එක පහුකරගෙන මහියංගන පාරෙ ටික දුරක් ගිහින් අපි දෙවනගලට ලඟා උනා. දෙවනගලින් කන්ද නගින්න පටන් ගන්නකොට 12 පහුවෙලා තියෙන්න ඇති. හැමෝගෙම අතේ තිබ්බ බෑග් එකට අමතරව තව ගොඩක් දේවල් උස්සන් යන්න සිද්දවුනා. කිලෝ 15ක් විතර බර කූඩාරම් 2ක්, ලන්තෑරුම, උයන්න හට්ටි මුට්ටි හාල් තුනපහ පිඟන් වතුර බෝතල් වගේ දේවල්. උයන ඒව කියද්දි මතක් උනේ අපි නම් ගෙනිච්චෙ මැගී පිටි කල පොල් කිරි. ඕව නැති කාලෙ නම් කට්ටියට පොල් ගෙඩි හිරමන හිටන් ගෙනියන්න වෙන්න ඇති නේද?

එක කූඩාරමක්....
කුඩා තේ කෑල්ලක් තරණය කරල  අපි කැලේට පිවිසුනා. කොහොමත් පැය 2 ක විතර අමාරු ගනමකින් පස්සෙ අපි කන්ද මුදුනෙ තැනිතලා බිමට ලඟාඋනා. මේ වෙනකොට අපි පහලින් පුරවගෙන ආපු වතුර ඔක්කොම ඉවරවෙලා හරිම අමාරුවෙන් හිටියෙ. මේ මෙහෙට පායන කාලෙ නිසා කන්ද නගිනකන්ම කිසිම වතුර උල්පතක් හම්බඋනේ නෑ. ඒක කවුරුත් බලාපොරොත්තු නොවුනු දෙයක්. ( මේ වගේ ස්වාභාවික පරිසර පද්ධති වල පවා වතුර උල්පත් හිඳිල කියන්නෙ ඇත්තටම තත්වෙ භයානකයි නේද?)  කන්ද මුදුනේ ලිඳක් සහ වතුර වලක් තිබ්බට ඒ දෙකේම වතුර බොන්නවත් උයන වැඩ වලටවත් සුදුසු මට්ටමේ තිබුනෙ නෑ. ඒ නිසා වතුර හොයන්න වෙන පැත්තකින් ආපහු පල්ලෙහාට බහින්න අපිට සිද්ද උනා. අන්තිමේ පැයක් විතර හොයල හොයල යන්තම් පුංචි වතුර පාරක් හොයාගන්න පුලුවන් උනා. අපි හවස් වෙන්න කලින් මුදුනට ආපු එක හොඳට ගියා. නැත්නම් රෑ වෙලා වතුර හොයන්න ගියානම් ඒක අමාරු වගේම භයානක වැඩක් වෙන්න තිබ්බා.

කඳු වළල්ල...
ඊට පස්සෙ ඉක්මනටම උයන්න පටන් ගත්තා. කට්ටියක් දර හොයද්දි කට්ටියක් කූඩාරම් දෙක ගැහුවා. උයන වැඩේටනම් හුළඟින් මාර බාධාවක් උනේ. ලිප පත්තු කරන්න හෙන ගේමක් දෙන්න උනා. දවල්ට බත් එක්ක ව්‍යාංජන දෙකකුයි රෑට කඩලයි තමා හැදුවෙ. අඩු පීඩනයක් තියන ,පට්ටම සීතල, හොඳට හුළං හමන තැනක කඩල තම්බනව කියන එක මෝඩ වැඩක් කියල තේරුනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. ඉර බැහැල යනවත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ හුළඟ වැඩි වෙන්න ගත්තා. කඳු මුදුන නිසා කිසිම මුවාවක් නෑ. ඒ තියා උස ගහක් වත් නෑ. ඒ නිසා අපිව කෙලින්ම හුළඟට නිරාවරණය උනා. ඊලඟට ඒ හුළඟ අරන් ආපු සීතල. හුළඟ නිසා නිමෙන්න ඔන්න මෙන්න වෙන ගිනිමැලයට ඒ සීතල මකන්න බැරිවුනා. රෑ වෙන්න වෙන්න හුළඟයි සීතලයි දෙකම දරාගන්න බැරි තරමට වැඩි උනා. ඒ අතරෙ මහ රෑ අපේ එක කූඩාරමක් ගැලවිලා ගියෙ හුළඟට ඔරොත්තු දෙන්නෙ නැතුව. ඒ නිසා හැමෝටම ඉතිරි උනේ එක කූඩාරමයි. අන්තිමට ඒ සීතලේ නින්දත් නොනින්දත් අතර මැද තැනක කාලය ගෙවිල ගියා.
උයපු හැටි....
කඳු මුදුනේ තැනිතලාව...
දළ බෑවුමේ පහලට...
නම නොදන්න අමුතු මලක්...
පහුවෙනිද උදේ අයෙමත් උයන වැඩේ සෙට් උනා. වතුර ඉවර උන නිසා වතුර ගේන්න අයෙම පහලට යන්න උනා. එත් වතුර ගේනකන් බලන් ඉන්න බැරිඋන අපේ සගයෙක් මඩ වතුරෙන්ම පරිප්පු එක ලිපේ තිබ්බා. ඒ අතරෙ කන්දෙ සිග්නල් තිබ්බ එකම තැනට ගිහින් අපේ මල් කඩන කට්ටිය  උදේ පූජාවට මල් ටික එහෙම කඩාගත්තා. දවල්ටත් එක්කම සප්පායම් උන අපි පිටත් වෙන්න සූදානම් උනා. කියන්නම ඕන ගෙනිච්ච කිසිම දෙයක් කඳු මුදුනෙ දාල ආවෙ නෑ. ඒත් කලින් එකතු වෙලා තියන වීදුරු ක‍ටු කුණු ගොඩක් නමුණුකුල කන්දෙත් තියනව කියල  ලැජ්ජාවෙන් උනත් කියන්න  ඕන ( මේව කරන්නෙත් අපේම අය නේ) අන්තිමට ලිප්, ගිනිමැලය වතුර දාල නිමල කන්දෙ වෙන පැත්තකින් ආපහු බහින්න පටන් ගත්තා.(ස්ප්‍රින් වැලි ටවුන් එක පැත්තට ) වෙලාවකට අඩි පාරවල් තියන ,තව වෙලාවක අඩි පාරවල් නැති දල බෑවුමක් තමා අපිට හම්බඋනේ. වේලුනු පොලවෙ වැටිල තිබ්බ කොලරොඩු නිසා පාර හිතනවාට වඩා ලිස්සනසුලු උනා. ගොඩක් අපහසු උනේ බර උස්සගෙනම බහින්න උන එකයි. අපේ කූඩාරම් තිබ්බ බෑග් කීපවතාවක්ම පල්ලමේ මහ දුරක් ලිස්සල ගියා. පැය 3 ක් විතර බැස්මකින් පස්සෙ යන්තම් තේ කෑල්ලකට සේන්දු වෙන්න පුලුවන් උනා. එහෙ අයගෙන් තමා අහල දැනගත්තෙ බැහැල තියෙන්නෙ ස්ප්‍රින් වැලි නගරයෙන් කිලොමීටර් කීපයක් එහාට වෙන්න බව.

මුතියංගන විහාරය....
ඊට පස්සෙ හෙව්ව නාන්න තැනක්. මෙහෙත් "බ්ලැක් පූල්" එකක් තියනව කියල දැනගත්තෙ එතකොට. (දන්න විධියට ප්‍රසිද්ධ බ්ලැක් පූල් එක තියෙන්නෙ නුවරඑළියෙ) නාල ස්ප්‍රින් වැලි බස් එකෙන් ආපහු 5 විතර වෙද්දි බදුල්ලට ආවා. අවසාන වශයෙන් බදුල්ල ටවුන් එකේම තියන  මුතියංගනය රජමහ විහාරෙ වැඳල අපේ ගමන අවසන් කලා.

අවසාන වශයෙන් කියන්න ඕන මේ ගමනට කලින් මෙහෙ ආපු යාලුවෙක් සහ බණ්ඩාරවෙල අපේ යාලුවෙක් හිටපු නිසා වැඩේ හුඟක් ලේසි උනා. ඒ දෙන්නටම ස්තූතියි කියලත් කියන්න ඕනා.  ගමන පුරාවට photos ගන්න උනේ ගොඩක් අඩුවෙන්. ඔය දාල තියෙන්නෙ මම phone එකකිනුත් තව කැම් එකකිනුත් ගත්ත photo කීපයක්.
මේ පන දාගෙන කියපු විස්තරය නිතර මෙවැනි ගමන් යන අයටනම් වැඩක් නෑ මම හිතන්නෙ. ඒත් ගොඩ කාලෙකින් මේ විදිය අත්දැකීමක් ලබපු නිසා හැමෝම එක්ක ඒක බෙදාගන්න හිතුනා. අදහස් මොනව හරි තියනව නම් කියන්න අමතක කරන්න එපා.



Saturday, July 16, 2011

Ready සහ ලංකාව

අමාරුවෙන් Ready film එක බලල ඉවර උනා විතරයි. අමාරුවෙන් බැලුව කිව්වෙ මුකුත් ඇඟේ පතේ අමාරුවක් තිබ්බෙ නෑ. පරණ අච්චුවෙම  මෙලෝ රහක් නැති සාම්ප්‍රදායික හින්දි කතාවක් බලන් ඉන්නකොට නැති අමාරුත් ඇතිඋනා. මැදින් වැඩේ අතෑරල දාන්නෙ නැතුව ඔච්චර අමාරුවෙන් film එක බලාගෙන හිටියෙ වෙන මොකවත් නිසා නෙමේ. මේක ලංකාව කියන සුන්දර රටෙත් රූපගත කරල තියනව කියල අහල තිබ්බ නිසා. 

ඒත් ඉතින් මේකෙ "මෙන්න මෙන්න ලංකාවෙ තැනක්" කියල ආසාවට අඳුනගන්න පුලුවන් තැනක් දැක්කෙම නෑ. බස් එකේ යනගමනුයි, TV එකෙයි දැකල තියන හොටෙල් දෙක තුනක් වගේ නම් අමාරුවෙන් අඳුනගත්තා.  ඒ ඇරෙන්න ලංකාවෙ කරපු අනිත් ඔක්කොම රූපගත්කිරීම් කරන්න ඇත්තෙ හෝටල් කාමර ඇතුලෙ. ( ඒක දැක්කෙ මෙතන තියන video එකකින්) . හැබැයි තායිලන්තෙ නම් මෙන්න තායිලන්තෙ කියල හොයාගන්න පුලුවන් විදියෙ තැන් ගොඩක් (ගීත ජවනිකාත් එක්ක) තිබ්බා.

හරි... අවුලක් නෑ.. film එකට ඕන ඒව එපෑ රූපගත කරන්න. මට තියන ප්‍රශ්නෙ මේකයි. මේ film එක ලංකාවෙ රූපගත කලා කියල ලංකාවට ලැබුනෙ මොනවද? ඒ දවස් වල සලමන් ඛාන් ලංකාවට ඇවිල්ල film එකක් කරනව කියල media වල 1000 talks දුන්න මතකයි. ශ්‍රි ලාංකීය චිත්‍රපට කලාවේ ප්‍රගමනය, ජාත්‍යන්තර තාක්ෂණය වගේ බර වචන දදා තමා ඕක විග්‍රහ කලේ. ඔය කිව්ව ඒවගෙන් දෙක තුනක් හරි අපි නොදැන හරි හම්බවුනානම් ලොකු දෙයක්.  iifa ලංකාවට ගෙනල්ල මෙලෝ සෙතක් උනේ නෑ වගේ iifa නිසා  ලංකාවට ආපු Ready film එකෙනුත් ලංකාවට මුකුත් ලැබුනෙ නැති පාටයි.

ඒ උනාට Ready මේ අවුරුද්දෙ වැඩිම අදායම් තියපු හින්දි film එක උනා. iifa 2011 කැනඩාවෙ ටොරෙන්ටෝ නගරෙ තිබ්බා. ගියපාර I love you Colombo කියල කැගහපු නලු නිලියො සෙට් එකම මේ පාර I love you Toronto කියල බොක්කෙන්ම වගේ කැගැහුව.

ඔක්කොටම පස්සෙ අපිත් ඉතින් download කරන් බැලුවා.....

Wednesday, July 13, 2011

FB Vs G+

Google + කියන වචනෙ අහල නම් ටිකක් කල්. ඒත් ඒක ගැන එච්චර මීටරයක් මට තිබ්බෙ නෑ. මම ඉතින් දැහැමින් සෙමින් FB එකේ චැටක් දාගෙන හිටිය. ඔහොම ඉන්නකොට තමා අහන්න ලැබෙන්නෙ G+ කියන්නෙ FB වගේම සීන් එකක් කියල.(වගේ කිව්වට වගේම නෙමෙයි තමා...ඒත් සමාන්‍ය මිනිහෙක්ට ඔය දෙකේ වැඩි වෙනසක් දැන්ම තේරෙන්නෙ නෑ නෙ.) FB කිව්වම  කියන්න තියෙන්නෙ ඉතින්  මගේ ජීවිතේ වටිනා තරුණ කාලෙන් අම්බානක් වැය කරවන්නම මාර්ක් සකර්බර්ග් අයියට පහල වෙච්ච වටිනා අදහසක් නෙ ඕක. (උගෙ වරදක් නෑ..මගෙයි වරද)   ඌටම සෙට් උනානෙ මම දන්නයි නොදන්නයි යාලුවො සෙට් එකක්ම. ඉතින් ඒ හින්ද මම හිතාගෙන හිටියෙ අයෙ අම්ම මුත්ත කිව්වත් තවත් අලුත් FB එකකටවත්, FB වගේ මොකකටවත් සෙට් වෙන්නෙ නෑ කියල. අලි මදිවට හරක් ඕන නෑ නෙ. 

ඒත් කොහෙද මේ කෘර සමාජෙ මට එහෙම ඉන්න දුන්නද? නෑ නෙ. අද ලැබ් එකට ගියාම ලැබ් එකේ කලු ඇඩ්මින් බඩා කවදාවත් නැතුව සද්දයක් දැම්මනෙ FB යන්න එපා කියල. අපිත් ඉතින් ඌ කියන දේ පිලිපදින්න ඕන නිසා FB එකටම ලොග් උනා. පොඩ්ඩක් විතර ‍රැව්ව තමා.ඒත් අපි ඉතින් ගනං ගත්තෙ නෑ. ටිකවෙලාවකින් අපේ සෙල්ලං ඉවරයි. කලු බඩා උගෙ ඇඩ්මින් බලතල පාවිච්චි කරල තිබ්බ.FB ඇරෙන්න අනික් ඔක්කොටම යන්න පුලුවන්. හම්ම්ම්.... ඉතින් මොනව කරන්නද.හැරිල එන්න තමා හැදුවෙ.ඒත් මාත් එක්ක ගිය එකෙක් විතරක් නැගිට්ටෙ නෑ. මෙන්න මූ G+ එකේ. නිල් පාට රවුමක් වටේට මූණු ගොඩක් කැරකෙනව. ආසාවෙ බෑ....  හරියන්නෑ... ප්‍රතිපත්ති වෙනස් කරන්න කාලෙ හරි කියල තේරුණා.කොහොමත් ඒව තියෙන්නෙම වෙනස් කරන්න නේ. මාත් ඉතින් නමෝ විත්තියෙන් වැඩේට එන්ටර් උනා. අරුටම කියල invitation එකක් එවාගෙන මගේම profile එකක් හදාගත්ත.

ටිකක් එහාට මෙහාට රවුමක් දානකොටනෙ දැක්කෙ මම ඇරෙන්න හෙන සෙට් එකක් දැන්ම වැඩේට බැහැල කියල. කොම්පියුටර් ගැන ඉගන ගන්න සෙට් එකේ 100න් 101ක් ම දැනටම මේකෙ ඉන්නව කියල දැක්ක. ඊට අමතරව බ්ලොග් අවකාශෙ අහල පුරුදු නම් කීපයකුත් G+ වැඩ පටන් අරන් කලින්ම.ඉතින් ආසාවෙ බෑ. මමත් ඇරඹුව කස්ටියව circle ගතකිරීම. කට්ටියම තාම ඉන්නෙ මූලික අවධියෙ. profile pic එක විතරයි පේන්න තිබුනෙ. මමත් ඉතින් ටාර් ගාල FB එකේ ඒ වෙලාවෙ open වෙලා තිබ්බ profile pic එකම එහෙමම කොපි කරල දැම්ම. 
 
එතකොටනෙ මතක් උනේ ..මීට අවුරුදු 4කට විතර කලින් අලුතින්ම FB ආපු දවසෙ මේ වගේම ලැබ් එකකදි myspace එකේ තිබ්බ ෆොටෝ එකක් තමා මුලින්ම කොපි කරල FB  එකට දැම්මෙ. එදායින් අවුරුදු 4 පහුවුන අද වෙනකොට මට myspace passward එකවත් හරියට ෂුවර් නෑ.

soical networking කියන එක මම මුලින්ම අහන්නෙ විජය පරිඝනක සඟරාවකින්. ඒකෙ තිබ්බෙ ඉතින් සිංහලෙන් සමාජශාලා වෙබ් අඩවි කියලද කොහෙද. ඔය කාලෙ මම ඒ ලෙවල්...මාක් සකර්බර්ග් අයිය කැම්පස්... කෙල්ල දාල ගිහින් නැතුව ඇති ඒ වෙනකොට මම හිතන්නෙ.මිනිස්සු yahoo වලින් search කරනවා. මම අපේ තාත්තට කියනව A/Lවලින් පස්සෙ කෑෆේ (තේ බොන ඒව නෙමේ) එකක් දාගත්තනම් මරු බිස්නස් කියල. තාත්ත මට XXXXXXXX.

Combine Maths දවසම ක්ලාස් තියනකොට සවස තේ පානය සඳහා පන්තිය මදකට නතරකරද්දි මම දවසේ ඉනිම නවත්තල දවල්ට කාල ඉතුරු වෙච්ච රු 50 ( පැයට 50යි.විනාඩි 5 ක් වැඩි උනොත් 100)කුත් තියාගෙන cafe එකකට රිංගනව. ඕවගෙ තියන on වෙන්න පැය කාලක් විතර යන හපු‍ටු කොම්පියුටරටක තමා මම මුලින්ම myspace account එකකුයි Hi5 account එකකුයි හදන්නෙ. ඔය වචන දෙකම මම අහුලගන්නෙ පරිඝනක සඟරාවෙන්. Account හැදුවයි කියල ඉතින් හැදුවම තමා.එතනින් එහාට ලස්සන කෙල්ලෙක්ව වගෙ දැකපු ගමන් බකස් ගාල  add කරගන්න එක වගේ ඇරෙන්න වෙන දෙයක් කලේ නෑ. ඒ කාලෙ ඊට වඩා කරන්න වැඩ තිබ්බ. වෙලාවට පඳුරකට ගැහුවොත් internet dongel පහ හයක් එලියට විසි වෙන්න මම දෙපාරක් A/L කරලත් තව අවුරුදු දෙක තුනකුත් ගත්වුනේ. (නැත්නම් තාම A/L)

කොහොම හරි සකර්බර්ග් කාපු බූට් එකෙන් පස්සෙ සෙට් වෙච්ච The FB එක FB වෙලා ක්‍රියාශිලී සාමජිකයො මිලියන 750ක් වෙනකන් ආපු ගමනෙ මමත් පොර එක්කම හිටියා..මිනිහ ලෝකෙ ලාබාලම ධනවතා උනා(අබමල් රේණුවකවත් ඊරිසියාවක් නෑ ඕං..මම නම් කියන්නෙ මිනිහගෙ හැකියාව සහ වෙලාව). ඔච්චර  සෙට් උනාටත් පස්සෙ ඕකට කෙලවන්න මොකක්වත් එයි කියල සකර්බර්ග් වත් හිතන්න  නැතුව ඇති.
කොහොමහරි searching කියන වචනය වෙනුවට googling කියල අලුත් වචනයක් හඳුන්වල දීපු සෙට් එක soical networking වලටත් සෙට් වෙලා. ඔන්න අනිත් අය ගිය නිසා මාත් ගියා. කොහොමත් අලුත් අලුත් දෑ තැනීම කෙසේ වෙතත් අලුත් අලුත් දෑ වැලඳගැනීම අතින් නම් අපි ලෝකෙ නොම්බර 3 කියලයි... G+ වැඩියෙන්ම බදාගෙන තියෙන්නෙ ඉංජො කියලයි මම දැනගත්තෙ මෙන්න මේ බ්ලොග් එකෙන්.

අනාගතේ ගැන හීන දකින්න දැන්මම කල් වැඩි උනත් අතීතයේ උන දේවල් නැවතත් සිද්දනොවෙයි කියල කාටද කියන්න  පුලුවන්. හැමෝම යන පැත්තට අපිටත් යන්න වෙයි. නැත්නම් අපි තනිවෙයි. එහෙම උනත් නොවුනත් ඒ හැඟීමටත් අපි බයයි නේ. මම ලෑස්තියි......වැල යන පැත්තට මැස්ස බඳින්න මම රෙඩි...

 තව අවුරුදු 4කින් මට මොකකට හරි profile pic එකක් ඕන උනොත් එදාට G+ එක තියෙයි නේ.......

Thursday, July 7, 2011

අලුත් පෙම් කවිය

නුවන් යුග පිබිදිලා
බොහෝ කලකට පසුව
දකින්නට හීනයක්
මග බලා සිටිනවා

දෙසවනත් සැරසිලා
මෙතෙක් නෑසී තිබුණු
පුංචි මුණු මුණුවකට
ඉඩ හදන් සිටිනවා

දෑත අසරණ වෙලා
සොයයි ඉස්පාසුවක්
ලබන්නට ඒ පහස
නොදැනීම සැලෙනවා

හදවතට ඉඩක් නෑ
දරා ගන්නට හැඟුම්
අසුරු සැණකට වරක්
එකින් එක වැඩෙනවා

ලියන්නට සිත් වෙලා
මේ අලුත් පෙම් කවිය
මටත් පෙර මගේ සිත
සැරසිලා සිටිනවා.....

Sunday, July 3, 2011

බස් හෝල්ට් එකේ සිට...

බලන් හිඳ ඔයා දෙස
එනතුරා හිමිහිමින්
කහ ඉරෙන් මාරු වී
අපේ බස් නැවතුමට
අදත් මට මිස් උනා
යන්න හිටි බස් රථය
තවත් එක වතාවක්
මට හුරු පුරුදු ලෙසම

තවත් පැය බාගයක්
දෙදෙනාම එක ලඟින්
ඔයා ඔහු එන තුරා
මම බසය එන තුරා

Wednesday, June 29, 2011

ස්වයංජාත පොතෙන් ඇරඹී ස්වයංජාතව අවසාන වීම

අද පොඩි විචාරයක් කරන්න යන්නෙ. මම බොහොම ආසාවෙන් බලපු ස්වයංජාත ටෙලිනාට්‍යය ගැන. මේ නාට්‍යය අවසානෙ මගේ හිතට ප්‍රශ්න ගොඩක් ආවා. ඒ ප්‍රශ්න ටික තමා ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. මම දන්නෙ නෑ කොයිතරම් දුරට බ්ලොග් කියවන අය ටෙලිනාට්‍යය බලනවද, ටෙලිනාට්‍යය බලන අය බ්ලොග් කියවනවද කියල.

බ්ලොග් කියවන අය අතරෙ ඉන්නවද ස්වයංජාත ටෙලිනාට්‍යය බලපු කට්ටිය. ඒ වගේම නාට්‍යත් බලල පොතකියවල තියන අය. ස්වයංජාත ටෙලිනාට්‍යය කියන්නෙ පහුගිය කාලෙ ලංකාවෙ හැට හුටාමාරක් චැනල් වල ගිය ටෙලිනාට්‍යය අතරින් බලන්න පුලුවන් මට්ටමේ තිබ්බ එකම එක ටෙලිනාට්‍ය කියලයි මට නම් හිතෙන්නෙ. මේ නාට්‍යය නිර්මාණය කරල තිබ්බෙ සමරවීර විජයසිංහ මහතාගෙ ස්වයංජාත කියන නවකතාවෙන්. මමත් මේ නාට්‍යය පටන්ගන්නකොට මේ පොත ගැන දැනගෙන හිටියෙ නෑ. එත් නාට්‍යයේ කොටස් කීපයක් යනකොට මේ කතාව අනිත් ඒවට වඩා ගොඩක් වෙනස් එකක් බව පැහැදිලිවම පෙනුනා. ඒ වගේම මේ කතාව රූප මාධ්‍යයට නගන්න ලංකාවෙ හැටියට ගොඩක් ලොකු වෙහෙසක් අරගෙන තිබ්බා. මේ නිසාම කතාවෙ කොටස් කීපයක් යනකොටම මේ පොත කියවන්න ලොකු ආසාවක් මට ඇතිඋනා. කොහොමහරි අවසානයේ පොත හොයාගෙන කියවනකොට නාට්‍යයේ මැද හරියට ඇවිල්ල තිබ්බා.

මේ හින්දම පොත කියවනකොට කතාවෙ චරිත වලට මගේ මනසෙ ඇඳුනෙ ටෙලිනට්‍යයේ රඟපාන චරිතමයි. මේ කතාව ගොඩනැගෙන්නෙ 1920-1970 කාල වකවානුවෙ. මේ කතාවෙ මුල හරිය මෙන්න මේ වගේ. පබිලිනා හාමි කියන්නෙ දරුවන් නැති බව නිසා සිත් තැවුලෙන් සිටින කාන්තාවක්. මේ ගමේ පන්සලේ වැඩසිටිනව යක්කුටිගල හාමුදුරුවො කියල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම් දන්න හාමුදුරු නමක්. මේ හාමුදුරුවො මුහුනුවරින් ගොඩාක් විරූපියි. ඒ වගේම බොහොම නිශ්ශබ්ද භාවනාවට යොමුවුන කෙනෙක්. පබිලිනා හාමි දරුවෙක් ලබාගන්න බලාපොරොත්තුවෙන් මේ හාමුදුරුවන්ගේ වෙදකම් ගන්න යොමු වෙනව. කොහොමහරි අවසානයේ පබිලිනාහමිට ලැබෙන දරුව මුහුනුවරින් මේ හාමුදුරුවො වගේම වෙනව. මේ නිසා  පවුලෙන් එන අවමාන නිසා පබිලිනා වස බීල මියයනව.

අන්තිමට මේ දරුවව හදාගන්නෙ පබිලිනාගෙ නංගි එමලිනා හාමි. කතාවෙ ඉතුරු කොටස ගොඩනැගෙන්නෙ විභූතිරත්න ( මේ දරුව - ජගත් චමිල) එමලිනාහාමිගෙ දුවල දෙන්න වෙන පබාවති(  චතුරික පීරිස්)  සහ මන්ද්‍රි (නිලියගෙ නම දන්නෙ නෑ) එක්ක ගතකරන ජීවිතෙත් එක්ක.

ඉතින් මම කිව්ව වගේ පොත කියවද්දි මම මේ චරිත ඒ විදියටම හිතේ තියාගෙන තමා පොත කියෙව්වෙ. එක හුස්මට බොහොම ආසවෙන් පොත කියවල ඉවර කලා. පස්සෙ ඉතින් බලාගෙන හිටියෙ මේ කතාව රූප පෙට්ටියෙ ගොඩනැගෙන්නෙ කොහොමද කියල. අනේ.... ඒත් උනේ වෙන දෙයක්. එන්න එන්න කතාව පොතේ තියන කතාවෙන් වෙනස් වෙන්න ගත්තා. පොතේ එන විභූතිරත්නගෙ චරිතය බොහොම නිශ්ශබ්ද හිනාවත් නොවන බොහොම ශක්තිමත් ශරීරයක් තියන චරිතයක්. ඒත් ටෙලිනට්‍යයේ මේ ලක්ෂන ගොඩක් අඩු කරල තමා චරිතෙ ගොඩනැගුවෙ. පොතේ කියවෙන විභූතිරත්නගෙ ශරීර ශක්තිය ගැන නාට්‍යයේ සඳහන් උනේ නැති තරම්. ඒ වගේම නාට්‍යයේදි පොතේ තියෙන මූලික කතාවට වඩා වෙන කතා ගොඩක් එකතු කරල ඒ කතාවල් වලට මුල් තැන දීල තිබ්බ. විභූතිරත්නගෙ කතාව කියනවට වඩා අන්තිම කාලෙදි නාට්‍යය වෙන්වුනේ ලංකාවෙ ඒ කාලෙ ඇතිවෙච්ච සමාජ වෙනස ගැන කියන්න. ඒකට මේ කතාවෙ ආපු එක එක චරිත යොදා ගත්ත. හරියට ගම්පෙරලියෙ උනා වගේ. උදාහරණයක් හැටියට මන්ද්‍රී කොලඹ ගියාට පස්සෙ වෙනස්( සින්ගලෙන් කිව්වොත් "පොෂ්") වෙන එක, සමසමාජ ව්‍යාපාරය ගැන කතාව වගේ පෙන්නල දෙන්න පුලුවන්. ඒකෙ වරදක් නෑ. ඒත් එහෙම කිසිම දෙයක් පොතේ තිබ්බෙ නෑ.

මොන විදියට කතාව ගලාගෙන ගියත් අඩු තරමින් අවසානය වත් පොතේ තිබ්බ විදියට වෙයි කියල මම බලපොරොත්තු උනා. නමුත් ඒකත් ඊට හාත්පසින්ම වෙනස් විදියට තමා අවසන් උනේ.(පොතේ එන විදියට පබා සහ විබූතිරත්න එකතු වෙනව වෙනුවට ඒ දෙන්න වෙන්වෙන විදියට අංශක 360 ක වෙනසකින් තමා නාට්‍යය අවසාන උනේ)

මට තියන ප්‍රශ්නය මේකයි. නවකතාවක් රූපමාධ්‍යට ගද්දි මේ විදියට ඒ මුල් කතාවට හානි කරන එක සාධාරනද? ඒක ඒ නවකතාව කියවපු අයට කරන අසාධාරනයක් නෙමේද?

මොනව උනත් ස්වයංජාත ටෙලිනාට්‍යය ලංකාවෙ නිර්මාණය වුන හොඳම නාට්‍යය අතරට එකතුවෙනව කියන එකනම් කියන්නම ඕන. එත් කතාව වෙනස් කරපු එක තමා ගැටලුව.

අවසාන වශයෙන් මේ ටෙලිනාට්‍යයෙ තේමා ගීතය ගැන යමක් කියන්නම ඕන. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසින්හයන් විශින් ගායනා කරන මේ ගීතය මම ජීවිතේ අහපු ලස්සනම (සංගීතයෙන් විතරක් නෙමේ අර්ථයෙනුත්) ගීතයක් කියලත් කියන්නම ඕන.


මේ ගීතයේ තැනක මෙහෙම සඳහන් වෙනවා.

 "ස්වයංජාතව ඉබේ ඇතිවෙන පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය........................."

 පුලුවන් නම් උත්තරයක් දෙන්න................



ඡායාරූප උපුටාගත්තෙ ස්වයංජාත facebook page එකෙන්....
http://www.facebook.com/pages/Swayanjatha/135356236500759

Sunday, June 26, 2011

මට හිතෙන්නෙම නෑ යන්න

මට හිතෙන්නෙම නෑ යන්න
හිත කියන්නෙම ඔයා ආපහු එයි කියල
මට තේරෙනෑ ඇයි කියල
ඒත් ඒක එහෙම තමා
මට ඉන්නත් බැ  යන්න ඕන
මට හරියටම කියනවද
ඔයා එනවමද කියල
ඒත් ඒක කියන්නත් ඔයා එන්න ඕනනේ
මට තව වැඩ ගොඩක් තියනව
මේක NO 1 තමා
ඒත් අනිත් ඒවත් කෙරන්න ඕන
ඔයා කවදහරි ආවොත්
මම මේ කවිය(වගේ එක) ඔයාට පෙන්නනව
මග බලා හිටියට
සාක්ෂිය විදියට



හිත කියවන්න බැරි උනොත් මේකවත් කියවල තේරුම් ගන්න......

Saturday, June 25, 2011

අපි නැග්ගොත් දෙබලක් අංක - n

දන්නවනෙ ඔය උපමාව ගැන. ඕක එක එක අය එක එක විදියට කියනවා. සමහරු ඕක කියන්නෙ අපි නැග්ගොත් පොල් ගහෙත් දෙබලක් කියල. තව අය කියන්නෙ තල් ගහේ දෙබලක් කියල.ඔය තල් පොල් කියන්නෙ තාල  වර්ගයෙ ගස් කියල අපි ඉගනගන්නෙ 4,5 වසරෙ ආරම්භක විද්‍යාවටද කොහෙද නේ.... ඒ දවස් වල තාල වර්ගයෙ ගස් වලට උදාහරණ ලියන්න කිව්වහම පොල්, තල් , පුවක් ලියල අන්තිමට ගස්ලබුත් ලියනවනේ. ඇයි ඉතින් අපි වැඩිපුර දකින්නෙ අතු බෙදිල නැති ගස්ලබු ගස් නේ. පස්සෙ ඉතින් සර් ඩයල් එක වගේ ගස්ලබු ගස් වල අතු බෙදෙනව කියල කිව්වම තමා අපි දැනගන්නෙ ගස්ලබු තාල වර්ගයෙ ගහක් නෙමේ කියලා.

පැන්නනෙ ට්‍රැක් එකෙන්...

අද කියන්න යන්නෙ ඉතින් මට වෙච්ච සීන් එකක් තමා. ඔය title එකේ තියන  උපමාවෙ සත්‍යතාව මට නිතරම ඔප්පු වෙනව. ඇත්තටම ඒක කී පාරක් වෙලා තියනවද කියන්න මට වත් මතක නෑ. ඒක නිසා තමා මම දන්න combined maths පාරක් දාල මේක අංක - n කියල නම් කලේ. ඔතන n කියන එකට ඕනම ධන නිඛිලයක් කියවන ඔයාල දාගත්තට කමක් නෑ. හැබැයි ටිකක් ලොකු අගයක් දාගන්න හරිද....පහුගිය දවසක ඔය n වෙනි සීන් එක උනා. එකේ ඉඳන් n-1 වෙනකන් එව ඔක්කොම කියන්න මටවත් මතක නැති නිසා මේක කියන්නම්.

 කැම්පස් ඉන්න උන් දන්නව පහුගිය කාලෙ කැම්පස් වල ලෙක්චස් තිබ්බෙ නැති උනාට කැම්පස් සෙල්ලං තිබ්බනේ. ඉතින් මේ සෙල්ලං වලට එක එක කැම්පස් වලින් එක එක කැම්පස් වලට සෙල්ලං ටීම් එනව. ඔය විදියට අපේ තිබ්බ සෙල්ලමකටත් ලංකාවෙ හතර දිග්බාගයෙම තියන කැම්පස් වලින් කස්ටිය ඇවිල්ල හිටියා. හපාත් ඉතින් ගියා අපේ උන්ට පොඩි චියර් එකක් දෙන්න. ජීවිතේට සෙල්ලමක් කරල නැති හපාට ඉතින් චියර් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. ඔන්න ඉතින් ඔහොම කැ ගගහ ඉන්නකොට හපාගෙ නෙත් ගැ‍ටුන ලංකාවෙ කොහෙ හතරදිග්බාගෙකින් හරි සෙල්ලං වලට ආපු සුන්දර යුවතියක්. අප්පා ඒ දසුන දැක්ක විතරයි හපා චියර් කිරිල්ල තාවකාලිකව නවත්වල ඇන්ටනාව ඒ පැත්තට හරවල චැනල් එක මාරු කලා. ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ උන්ට තේරුනා මගේ චැනල් එක මාරු වෙලා කියල.ඇයි ඇන්ටනාව තියෙන්නෙ පිට්ටනියට ප්‍රතිවිරුද්ද පැත්තට නේ.

 පස්සෙ මගෙන් විස්තරේ අහල  උන් ටිකත් මගේ චැනල් එකටම මාරු උනා. ඔන්න දැන් සෙට් එකම මගෙ mission එකට  සප් එක දෙනව. එකෙක් මහා හයියෙන් හපාගෙ නම කියල කෑගහනව. තව එකෙක් මගෙ අහලක වත් නැති ගුණ වර්ණනා කරනව. එක සෙල්ලමයි. දැන් අපි ඔක්කොම බලාගෙන ඉන්නව ඒ පැත්තෙන් respond එකක් එනකන්. ඔහොම වැඩිම උනොත් විනාඩි 10ක් යන්න ඇති. ආව ලස්සන respond එකක්. අර සුන්දර යුවතිය ගත්ත mobile phone එක. පටන්ගත්ත call එකක්. අපරාදෙ කියන්න බෑ. විනාඩි 45 යි. මම හිතන්නෙ ගෙදරට වෙන්න ඇති නේ.............

concution එක හැටියට කියන්න තියෙන්නෙ අපි නැග්ගොත් ඉතින් ඕනම තාල වර්ගයේ ගහක දෙබලක් කියල තමා.. ඔය n වෙනි එකනෙ. n+1 එකත් ලඟදිම වෙයි. අනිවා.ආයෙ 100% සුවර්. කියන්න පුලුවන් මට්ටමේ එකක් උනොත් ඒකත් කියන්නම්....... 


කියාවල ඉවරවෙලා මොනවහරි හිතුනනම් කොමෙන්ට්ටුවක දාල යන්න අමතක කරන්න එපා ඉතින් හරිද............

Wednesday, June 22, 2011

පුන්චි දේකින් ගොඩක් සතු‍ටු වෙන්න සිරාවට පුලුවන්ද?

අද කියන්න යන්නෙ පහුගිය සතියෙ ගෙදර ගිය වෙලාවෙ ලබපු පුන්චිම පුන්චි අත්දැකීමක් නිසා හිතේ ඇතිඋන මහා දිග සිතුවිලි ලොට් එකක් ගැන. සතියෙ දවස් පහම හොස්ටල් එකට වෙලා පොත් අස්සෙයි, අඟල් 14 තිරේ ඉස්සරහටයි වෙලා ගෙවන ජීවිතෙන් ගෙදර ගියාමත් ගැලවෙන්න හිතෙන්නෙම නෑ.( පොත් කෙසේ වෙතත් අඟල් 14 තිරේටනම් අම්බානට ඇබ්බැහිවෙලා ඉන්නෙ) මේක මට විතරක් නෙමේ අද කාලෙ ගොඩක් උන්ට තියන අවුලක් කියල මම දන්නවා.

මේ සම්බන්ධයෙන් අපෙ අම්මගෙයි තාත්තගෙයි නම් එච්චර කැමත්තක් නෑ.. අපේ අම්ම හැමතිස්සෙම කියන්නෙ 
"ඔය මගුල ඉස්සරහට වෙලාම දවස ගෙවන්නෙ නැතුව නරකද ටිකක් එලියට පහලියට බැහැල වත්ත පිටිය ටිකක් සුද්ද කලොත්" 
වගේ කතාවක්.. ඒ එක්කම ඒ සතියෙ මගෙන් ගන්න බලාපොරොත්තු වෙන වැඩ ලිස්ට් එකත් කියාගෙන යනව. ගොඩක් දවස් වලට වෙන්නෙ ඔය එක වැඩකට වත් සෙට් වෙන්නෙ නැතුව සඳුද මම ආපහු හොස්ටල් එන එක. 

තාත්ත තමා නියම කතාව කියන්නෙ. 
"ඔය අටමගලෙ ගෙනාපු වෙලේ ඉඳල මෙහෙ ඉන්න එකාටත් ඔක්කොම අමතක වෙනව" 
ඔය "මෙහෙ ඉන්න එකා" කිව්වෙ අපේ මලයා.. ඌ මේ පාර A/L . ඌටත් මං ගෙදර ගිය දවසට තියෙන්නෙ මගේ ඩොංගල් එකේ කාඩ් එක ඉවර කරන වැඩේ විතරයි.

කොහොමහරි මේ සතියෙ ගොඩ කාලෙකට පස්සෙ ගෙදර ගිහින් එලියට බැස්ස. කොට කලිසම ගහල උදැල්ල අරගෙන වත්තට (මහ ලොකු එකක් නෙමේ හරිද?)මම එනකොට ගෙදර අය බලාගෙන හිටියෙ නිකන් මොකෙද්ද දිහා බලන් ඉන්නව වගේ. මගේ පැමිණීමත් එක්ක අම්ම ප්ලෑන්ස් ඔක්කොම වෙනස් කලා. සංවර්ධන ව්‍යාප්ති ඔක්කොම කඩිනම් ව්‍යාප්ති බවට උසස් කරල කොන්ත්‍රාත් එක මට  බාර දුන්නා.

කොහොම හරි දවස අවසානෙ මම හිතුවෙ ඉස්ම යන්න හන්ටර් වෙලා , පාන් කියාගන්න බැරුවයයි කියල. ඒත් මටත් පුදුමයි එදා ඇඟට වගේම හිතටත් මාර ගටක් දැනුනෙ. හොඳම වැඩේ ඒක නෙමේ. වැඩ කරල ආපු කික් එකත් එක්ක නිකන් පිස්සු වැඩ ටිකක් කරන්න ආසවක් ආව. ඔය ලිස්ට් එකේ මුලින්ම හිතුනෙ අයිස් පැකට් එකක් කන්න.

 ගොඩ කාලෙකට පස්සෙ එදා ඔන්න  මම අයිස් පැකට් එකක් රස වින්දා.මම හිතන්නෙ ඔය මම අයිස් පැකට් එකක් කෑවෙ අවුරුදු ගානකට පස්සෙ. දැන් ඔයගොල්ලො හිතනවනම් යකෝ අයිස් පැකට් එකක් කාපු එක ගැන බ්ලොග් ලියන්න මූට පිස්සුද කියල..සිරාවටම මට පිස්සු ඇති.
එදා ඒ කාපු අයිස් පැකට් එක කොච්චර රසද කිව්වොත් ලෝකෙ තියන හොඳම අයිස් පැකට් එක මේක වෙන්න ඇති කියලයි හිතුනෙනම්. ඒ එක්කම අවුරුදු ගානක් අමතක වෙලා තිබ්බ අතීත මතක රසයක් දිවට දැනුන නේද කියල මතක් වුනේ ටික වෙලාවකින් පස්සෙ.

ඒ එක්කම මගේ මතකය ඉස්කොලෙ කාලෙට ගියෙ ඉබේටම. ඒ කියන්න මගෙ 4  5 වසර කාලෙට. ඒ කලේ අයිස් පැකට් එකක් රුපියලයි. ලොකු සයිස් එක රුපියල් දෙකයි. ඒ දවස් වල ගෙදරින් අතට සල්ලි හම්බවෙන්නෙ නැති තරම්. හම්බවුනත් හම්බවෙන්නෙ මැක්සිමම් රුපියල් පහයි. ඉස්කොලෙ ඇරිල කෙලින්ම එන්න ඉස්කොලෙ ඉස්සරහ කඩේට. ඔය වෙනකොට අතේ තියෙන්නෙ රුපියලයි. අනිත් ටිකට ඉන්ටවල් එකේ බබා හම්බවෙනව. මගෙ සගය යාපා. උගෙ අතෙත් කීයක් හරි තියනව. දෙන්න එකතු වෙලා සමාදානයෙන් අයිස් පැකට් දෙකක් ගන්නවා. සමහර දවස් වලට ඌ 1.50 මම සත 50. (මේ කතා කරන්නෙ ලංකාවෙ සත 50ටත් ලාවට හරි වටිනාකමක් තිබ්බ කාලෙ ගැන) සමහර චාටර් දවසකට 2කට සල්ලි නෑ.ඉතින් එකක් අරගෙන දෙන්න සමාදානෙන් බෙදාගන්නව. පැකට් එක කඩන්න කලින් මැදින් සීමාවක් ලකුණු කරනව අයිස් කැල්ල කඩල. අයිස් පැකට් සමාදානෙන් කාල තියන අය දන්නව ඇති මුලින් කන එකාට වැඩේ වාසී කියල. හේතුව තමා ඌ උගෙ කොටස කනකොට අයිස් පැකට් එක උරනකොට මුලු අයිස් පැකට් එකේම සාරය මුලින් කන එකාට සෙට් වෙනව. අනිකට නිකම්ම නිකන් අයිස් කෑල්ල විතරයි.මුලින් කන එකා  "සාධාරන භාවිත ප්‍රතිපත්තිය" ක්‍රියාත්මක කලොත්  ඔන්න දෙවනියට ටිකක් චාන්ස් එකක් එනවා. ඔහොම අයිස් පැකට් එක කාල ඉවර වෙලා හිස් පැකට් එක පුම්බල හුළං හිර කරල කාගෙ හරි එකෙක්ගෙ කණට ලං කරල පුපුරවල ළදරු ආතල් එකක් ගන්නත් අමතක කරන්නෙ නෑ.

ඉතින් ඔය කාලෙ ඉවර උනානෙ.අපි ලොකු වෙලා ඩයල් උනානෙ. ඊට පස්සෙ අර වගේ පුන්චි පුන්චි ආතල් ගන්න මට අමතක උනා.ඊට වඩා කොච්චර වැදගත් වැඩ මට තිබ්බද?
 
ඇත්තටම අයිස් පැකට් එකක් රුපියල් පහකට වැඩි නෑ.(උද්ධමනය අයිස් පැකට් එකටත් බලපාල) ඒ වගේම ඕනම ගමේ ගොඩේ කඩේක තියනව. ඒත් පහුගිය කාලෙ පුරාවට ඕකක් කඩෙන් අරන් කන්න මට හිතුනෙ නැත්තෙ ඇයි?
 
එකපාරටම වැරදිලා වගේ හිතිල අවුරුදු ගානකට පස්සෙ අයිස් පැකට් එකක් කෑවම මෙච්චර හැඟිමක් ඇතිඋනේ ඇයි කියල මම දහ අතේ කල්පනා කලා.අන්තිමට මට මෙන්න මේ ටික හිතුන. අපි ජීවිතේ ඉස්සරහට යනකොට පුංචි පුංචි දේවල් ගොඩක් අපිට අමතක වෙනව. ඒ පුංචි දේවල් මැද්දෙ හිතාගන්න බැරි තරම් දෙයක් තියනව කියල ගොඩ කාලෙකට පස්සෙ අපිටමතක් වෙනවා.ඒ උනාට අපිට ඒ දේවල් හොය හොය ඉන්න කාලයක් නෑ. ඉට වඩා දේවල් අපිට හොයන්න අපේ ඉස්සරහ තියනවා. 

අන්තිමට මට හිතුනෙ මෙන්න මේක. හෙන කාලෙකින් අයිස් පැකට් එකක් කාල මාර ආතල් එකක් ආව කියල හැමදාම අයිස් පැකට් විතරක් කාල ජීවත් වෙන්න පුලුවන්ද?

Saturday, June 18, 2011

සීයගෙ කතාව

කොහොමද ඉතින්... ගොඩ කාලෙකට පස්සෙ තමා බ්ලොග් එකක් ලියන්න කියල ගොඩ වැදුනෙ.  බ්ලොග් ලියන්න අලුත් කෙනෙක් වෙච්ච මගේ බ්ලොග් එක ලත් තැනම ලොප් වගේ කේස් එකක් නේද වෙලාතියෙන්නෙ කියල පහුගිය දවසක මට හිතුන.  බ්ලොග් ලිව්වෙ නැති උනාට පහුගිය කාලෙ පුරාවටම බ්ලොග් කියවන එකනම් අතඇරල තිබ්බෙ නෑ. බොරුවට "පහුගිය ටිකේ ගොඩක් වැඩ තිබුන" වගේ කතන්දර කියන්න ඕන නෑනෙ. ඇත්තටම මහා ලොකු වැඩක් තිබ්බෙ නැතත් බ්ලොග් එක ලියන්න පොඩි කම්මැලිකමක් තිබ්බා. මගෙ ජීවිතේ ගොඩක් වැඩ පරක්කුවෙන්න ඔය කම්මැලිකම මට බලපාල තියනව. ඉතින් ඔන්න "හපා" ආයෙ ලියන්න පටන්ගත්තා. කියවන එක ඔයාලට බාරයි. එහනම් වැඩිය වැල් වටාරම් නැතුව වැඩේට බහින්නම්. මුලින්ම කියන්න ඕන ඕං... මේක true story එකක්. ඒඋනාට මෙහි එන සියලු නම් ගම් මනකල්පිතයි හරිද...
මේකයි කතාව. අපේ ගෙදරට එන්න පුරුදුවෙලා හිටිය සීයා කෙනෙක්. හිඟමනේ එන කෙනෙක් කිව්වත් හරි. අවුරුදු 70+ මම හිතන්නෙ.  අපේ ගෙවල් පැත්තෙ තියනව ප්‍රසිද්ධ දේවාලයක්. සීය එන්නෙ මේ දේවාලෙට. ඒ එන අතර වාරෙ ගෙවල් වලටත් ගිහින් collection එකක් එකතු කරගන්නව. ටික කාලයක් යනකොට සීය පුරුදු උනා අපේ ගෙදරින් තේ එකක් බීල කෑම ටිකක් කාල එහෙම යන්න. කැම්පස් එකේ චාටර් කකා ඉඳල එපාවෙලා ගෙදර ඉන්න සතියෙ දවසක සීයව සෙට් උනොත් සීයට තේ හදන ජොබ් එක මටත් සෙට් වෙනව.ඔහොම අපේ අම්මයි තාත්තයි එක්ක සීය ගොඩක්  fit වෙනකොට සීයගෙ ජීවිත කතාව සීය අපිත් එක්ක කියන්න පටන්ගත්තා. ඒ කතාවෙ පලවෙනි කොටසින්ම මට ඇතිඋනේ මවිතයක්.
"මහත්තයො"
"මම කොළඹ XXX ඉස්කොලෙට ගියෙ. මම ඉගනගත්තෙ English medium. අපෙ පවුල බොහොම වැදගත් පවුලක්"
සීයගෙ ඉස්කොලෙ කොළඹ තියන ප්‍රධාන ඉස්කෝල වලින් එකක්. සියාගෙ කඩ්ඩ සුපිරි කියල මම දැනගෙන හිටියෙ. සීය කතාකරන අතරතුර professional විදියට කඩ්ඩ කෑලි දානව.
"මම විභාගෙ හොඳට පාස්. ඉස්කෝලෙ ඉවරවෙලා මම ගියා ගල්කිස්ස හෝටලේ වැඩට. එහෙදි තමා මට ලකී කියන මගෙ යාලුවව හම්බවුනේ. " සීය කතාව පටන්ගත්තෙ ඒ විදියට.
"ඕකා තමා මාව කෑවෙ.ඕකගෙ වලටත් හෙන ගහනව මහත්තයෝ" ඔහොම තමා සීය කිව්වෙ. ඒ කතාව හරිද වැරදිද කියල කතාව කියවල ඉවරවෙලා ඔයාලම තීරණය කරන්න.

ඊට පස්සෙ කතාව මෙහෙමයි. ලකීගෙ ගම අපේ ගමට ගමවල් දෙක තුනකට එහා. ලකී මේ සීයව (ඒ කාලෙ වයස අවුරුදු 20ක විතර කොල්ලව) එක්කගෙන එනව සති අන්තෙ මෙයාගෙ ගමට. සීයටත් වෙල් යායවල් තියන කැලැ රොදවල් තියන මේ ගම හිතට අල්ලල යනව. ඒ ඔක්කොටම වඩා සීය තව හොඳට හිතයන එක දෙයක් හොයා ගන්නව. කසිප්පු. මේ ගමේ කස්ප්පු පෙරන්නෙ මේරි. මේරි කියන්න පියවරු හතරදෙනෙකුගෙ දරුවො හත්දෙනෙක් ඒවෙනකොට හිටිය කෙනෙක්. සියට වඩා අවුරුදු එකොළහක් විතර වැඩිමල් කෙනෙක්. ඉතින් අපේ මේ සීයට වෙන්න තියන හොඳම දේ වෙනව. සීයගෙ හිත මේරිට ඇදෙනව. සීය මේරි ගැන හිතුවෙ කොහොමද කියල සීය කියපු මේ කතාවෙන්ම තේරෙනව.
"තාමත් ඒකි එදා වගේමයි මහත්තයො.. පොඩ්ඩක්වත් වයසට ගිහිල්ල නෑ"
ඉතින් ඊට පස්සෙ සීය තමන්ගෙ මුලු ජීවිතේම අතඇරල මේරි එක නවතිනව. ඒකට එක හේතුවක් වෙන්නෙ මේරි තමාගෙ අටවෙනි දරුව බිහිකරන්න ලෑස්තිවීම.
"අපි XXX කච්චේරියට ඇවිල්ල කසාද බැන්ද මහත්තයො...ඊට පස්සෙ XXX හෝටලේට ගිහින් දවල්ට කාල ගෙදර ආවා."
එතනින් ඊට  පස්සෙ මේ සීය තමන්ගෙ අලුත් ජිවිතය මේ ගමේ පටන්ගන්නව. සීයව එක්කගෙන යන්න කොළඹින් සීයගෙ අයියල අම්මල නෑදෑයො කොච්චර ආවත් සීය ඒ අය එක්ක යන්නෙ නෑ. සීය කියන විධියට සීයා මේරිගෙ වත්තෙ අලුතින් ගෙයක් හදනව.

කාලය ඔහොම යනකොට සීයා හෙමින් හෙමින් වයසට යනව. වයසට යනවට වඩා වේගයෙන් දුර්වල වෙන්න ගන්නව . අවුරුදු ගානක් කසිප්පු එක්ක ජීවත් උනාම ඕක වෙන එක සාමන්‍යයිනේ.. මෙහෙම වයසට යනවත් එක්කම සීයව ගෙදරින් එලියට විසික්වෙනව. තමන්ම හදපු ගෙදරෙ ඉස්තොප්පු කෑල්ල විතරක් සීයට ඉතුරු වෙනව. සීයාට තමන්ගෙ කෑම එක පවා ගෙදරින් හම්බවෙන්නෙ නැති තැනට පත්වෙනව. අන්තිමට සීයා එදාවේල හොයාගන්න හිඟාකන්න පටන්ගන්නව.

"එතකොට සීයගෙ පුතා" මම ඇහුවා.
"පුතා දැන් හමුදාවෙ.. එයා දැන් බැඳල හමුදා ක්වාටස් වල ඉන්නෙ. මම යන්නෙනෑ එයාට කරදර කරන්න. " සීයා කිව්වෙ එහෙමයි.

කොහොම හරි අවසානයේ සීයගෙ ජීවිතේ මේ පත්වුන තත්වෙ ගැන සීයා අද සිය දහස් වාරයක් කම්පා වෙනව. සීය මේ කතා කියනකොට සීයගෙ ඇස්වල පහලට වැටෙන්න ළංවෙලා තියන කඳුලු බිංදු හොඳට පේනව. කොහොමහරි අන්තිමට හොඳ අධ්‍යාපනයක් තිබ්බ හොඳ පවුලක ඉපදුන මේ සීය තමන් ජීවිතේ ගත්ත සමහර තීරණ නිසා මහපාරට වැටෙනව.

මේ කතාව අහපු ගමන්ම මට මතක් උනේ Steve Jobs ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ කරපු කතාවේ කොටසකට... "You can’t connect the dots looking forward. Only you can connet them backward…"අපේ  ජීවිතේ ගොඩක් සිදුවීම් ඊට කලින් එකක් හෝ කීපයක් මත depend වෙනව. නමුත් අපිට ඒ සිදුවීම් යා කරන්න පුලුවන් ආපසු හැරී බලල විතරයි. Steve Jobs අද තමන්ගෙ ජීවිතේ තිත් යාවුන හැටි බලල සතු‍ටු වෙනව වගේ අපේ කතානායකයා අද ඒ තිත් යා වුන හැටි බල බල දුක් වෙනව. 

ඇත්තටම අපේ ජීවිතය තීරණය කරන්නෙ කව්ද? මට ඒක මාර ප්‍රශ්නයක්..........

Wednesday, February 16, 2011

හොඳවයින් හතරක් මට දැනුන හැටි


බොහොම කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුනා... අනේ මන්ද මටත් බ්ලොග් ලියන්නෙ හිතෙන්නෙ exam අතලඟට ඇවිල්ල coursework එහෙම අම්බානක හිරවෙලා ඉන්න වෙලාවටමයි. මාස 2ක්ම ගෙදරට වෙලා අල කකා හිටිය නිකමටවත් මුකුත් ලිව්වෙ නෑ නෙ. 
අද ලියන්න යන්නෙ බොහොම කාලෙකට පස්සෙ රසවින්ද හොඳ වේදිකා නාට්‍ය (converter එකේ යන්සෙ "්‍ය" හොයන්න මාර ගේමක් දුන්නෙ) කීපයක් ගැන. පහුගිය රාජ්‍ය කෙටි නාට්‍ය උළලෙ හොඳම නාට්‍ය 4 ක් සඳුද ජෝන් ද සිල්වා එකේ පෙන්නුව. වැලන්ටයින් දවසෙ  අපේ කොල්ලො දෙන්නෙක්ව බලෙන්ම ඇදගෙන (කොල්ලො නැතුව අපි ඉතින් කෙල්ලො එක්කන් යන්නයෑ) මමත් මේක බලන්න ගියා. මේ නට්‍ය උළෙල  නම් කරල තිබුනෙ "හොඳවයින් හතරක්" කියල. නාට්‍ය 4 තමා සබන් පෙණ, කූඩුවට එනකන්, Box සහ දුවන උන් දෙන්නෙක්. එතින් මේ නට්‍ය 4 ගැන මම දන්න තරමින් ටිකක් ඔයාලට කියන්නම්.( මේ මම ජිවිතේටවත් නට්‍ය ගැන හදාරල වත් ,ඉගනගෙනවත් මුකුත් නෑ හරිද, මගේ විචාරයෙ මොකක් හරි වරදක් තියනවනම් sorry වෙන්න ඕන.)

මේකෙන් සබන් පෙන කියන්නෙ විප්ලව වාදියෙකුයි හමුදා නිලධාරියෙකුයි අතර කතාවක්, මිනිහෙක්ව මරන එක කොච්චර ලේසිද නැත්නම් කොච්චර අමාරුද කියල මේකෙ පෙන්නල දෙනව.
කූඩුවට එනකන් කියන්නෙ job එකක් නැතුව අන්තිමට companiයක බල්ල විදියට බලු රස්සාව බාරගත්ත තරුණයෙක් ගැන කතාවක්.. ඒ බලු ගතිය ජිවිත්තේට එකතු වෙන හැටිත් මේ නට්‍ය පෙන්නල දෙනව. අපි ගොඩ දෙනෙක්ට මේ විදියෙ බල්ලෙක් වෙන්න වෙයිද කියල මට බලද්දි හිතුන.

 Box කියන්නෙ නම් පට්ටම කතාවක්. මේකෙ තියෙන්නෙ සල්ලිවලට කෙල්ලෙක්ව අරගෙන film හොල් එකකbox එකකට එන කන්තෝරු කාරයෙක්ගෙ සහ කෙල්ලගෙ සිද්දි ටිකක්. 
මේ නට්‍ය පොඩි කොටසක් youtube එකේ තියනව මම දැක්ක... හැබැයි කව්රු හරි මේක මේ විදියට upload  කරපු එක්කෙනා නට්‍යට කරල තියෙන්නෙ ලොකු අසාධාරනයක්. එක්කො මේ සම්පුර්ණ නට්‍යම දාන්න තිබ්බා. එහෙම නොකර මේ විදියට පොඩි කෑල්ලක් විතරක් දාපු එකෙන් වෙන්නෙ මේක තවත් එක ආතල් video clip එකක් වෙන එක විතරයි. එහෙම නැතුව ඒ clip එක බලල නට්‍යෙ සම්පුර්න අදහස ගන්න බෑ කියලයි මට හිතුනෙ.

මම ආසාවෙන්ම බලපු නට්‍ය තමා දුවන උන් දෙන්නෙක්. මම හිතනව ගොඩ දෙනෙක් එහෙම වෙන්න ඇති. මේකෙ වෙන්නෙ දෙන්නෙක් දුවන එක. එකෙක් තඩි සයිස් පොරක්, බිස්නස්කාර dialඑකක් ඌ දුවන්නෙ සරීරයෙ තියන හැට හුටාමාරක් ලෙඩ වලට පිලියමක් විදියට. අනිකා කෙට්‍ටුම කෙට්‍ටු පණ නැති dial එක . ඌ දුවන්නෙ අනිත් එකාගෙ සහයට. තුවාය වතුර බෝතලේ එහෙම අරගෙන..මේ මනුස්සයට දුවන්න කිසිම ඕනකමක් නැ.. ඒත් අරූ දුවන හින්ද මුත් හැල්මෙ දුවනව..අපේ රටේ වෙන්නෙම මේක නේද කියල මේක බලද්දි හිතුන.ලොක්කන්ගෙ උවමනාවට අපි දුවනව. 
මේකෙ දෙබසක් තියනව මෙහෙම(මොන හේතුවකටද දන්නෑ මට මේක හොඳට වැදුනා)

දැන් බලනව තමුසෙගෙ හැටි.. ඇමරිකන් කාරයෙක් හරි මොකෙක් හරි පිටරට එකෙක් තමුසෙව දැක්කොත් හිතයි උන් අපිට දෙන ආධාර වලට මොකද වෙන්නෙ කියල...... 
ප්‍රශ්නයක් නෑ sir උන් මාව දකින ගමන්ම sir වත් දකිනවනේ........

කොහොම හරි එනකොට රෑ වෙලා හින්ද නව නීති රීති වලට අනුව තාප්පෙන් පැනල හොස්ටල් එකට ඇවිල්ල නාට්‍ය බැලිල්ල අවසන් කලා.......

Thursday, January 13, 2011

හොස්ටල් එකේ උදෑසනක්................

ඈත කාමරයක් දෙසින් "දේදුන්න සේදි රෑ නිල්ල උතුරා" ගීතය යාන්තමින් ඇසේ. අයෙකු උදෑසනම පරිඝනකය ක්‍රියාත්මක කර ඇත. විටින් විට ඇසෙන එලාම් නාද විවිධ ගීත ඛණ්ඩ තප්පර කීපයකට ගුවනට මුදාහරී. යලිත් සියල්ල මොහොතකට සන්සුන්........ මන්දාරම පහව ගොස් නැති අහස උදෑසන හිරු වසන් කරගෙන බලා සිටී. තවමත් නතරවී නැති වැහිපොද ගස්  අතු අතරින් බේරී සෙමින් සෙමින් තෙත බරිත පොළොව සිප ගනී."ඊයේ රාත්‍රී වැස්ස අද දවසටත් ක්‍රියාත්මකයි" වැහි බිඳු අඟවයි.විටින් විට ඇසෙන කුරුලු නාද අතරට බල්ලෙකු බුරන හඬක් එක් වෙයි.හොඳින් සවන් දුනහොත් ඈතින් ඇසෙන 255 බස් රථයේ හඬ හඳුනාගත හැක.ඒ හඬ මැදින් මේ සීතල උදෑසනේ බසයට ගොඩවන්නට පොරකන්න  රුව මට මැවී පෙනේ.


සෙරෙප්පු දෙකක් පොලොව හා ගැටෙන හඬ ඈතින් ඇසේ. එය ක්‍රමයෙන් වැඩිවී යලි අඩු වීයයි.ස්වල්ප වෙලාවකින් ජල කරාමයකින් ජලය ගලා යන හඬක් ඇසේ. යලිත් සෙරෙප්පු හඬ........ දැන් දැන් කුඩා දෙබස් ඛන්ඩ එකින් එක සවනට නැගේ.මදුරුවන් කීප දෙනෙකුටම මා උදෑසන ආහාරය සපයා ඇතිබව තේරුම් යන්නේ බොහෝ වේලාවකට පසුය. 
මමත් ඉඳල ඉඳල පාන්දරින්ම ඇහැරී පටන්ගත්තේ power systems ය.ඒත් කලේ වෙන එකකි. ඒකත් මරුය..
ක‍ටුවැඩ කොල තියෙන්නෙ blog ලියන්න නෙමේ............