මට ඒක ඉවරවෙලා අවුරුදු හයක් විතර. අද මම කොච්චර try කලත් එදා දවස කොහොමද කියල මතක්කරගන්න අමාරුයි. අවුරුදු 6 ක් කියන්නෙ එච්චර ලොකු කාලයක්ද? ඒත් එක දෙයක් මතකයි . ඊට පස්සෙ ආපු එක exam එකක්වත් ලියන්න කලින් දවසෙ ඒ වගේ හැඟීමක් ආවෙ නෑ. ඒක A/L වලට unique. කවුරු මොනව කිව්වත්, මොන තර්ක ගෙනාවත් ලංකාවෙ A/L කියන්නෙ ජීවිතය තීරණය කරන සාධකයක්. විභාගෙකට එහෙම කරන්න දෙන්න හොඳනෑ තමා. ඒත් ලංකවෙ එහෙම වෙලා තියනව.
අද අවුරුදු 6කට පස්සෙ අපේ මල්ලි ඒ දවස ගතකරනව. මිනිහ තාම වැඩ. උදේ නැගිට්ටෙ පාන්දර 4 ට. යාලුවො දෙන්නෙක් ගෙදරට ආව මහ පාන්දර. උදේ වරුවම කට්ටිය වැඩ. මම නම් ගොඩක් පාඩම් කලේ තනියමමයි. අනික මලාට පාන්දර නැගිටල නෑ. (මලයත් හැබැයි අද විතරයි) කට්ටිය මොනව කලාද දන්නෙ නෑ. මම ඉතින් දෙන්න ගියෙ නෑ.නොදන්න දේවල් වලට ඇඟිලි ගහන්න ඕන නෑ නෙ. මලය commerce මම maths.
අපේ මලය ඒකාලෙ ඉඳලම කිව්වෙ "මටනම් ඔය sin, cos, tan තේරෙන්නෙ නෑ" කියල. ඒ දවස් වල මගෙ කටේම තිබ්බෙ ඔය වචනනෙ. ඌට ඒව අහලම එපා වෙන්න ඇති. ඊට පස්සෙ දවල් වරුවෙ මිනිහ රාජකීය නින්දක් දැම්ම. හවස ආයෙමත් වැඩ. අම්ම ඔක්කොම ලඟට supply කරනව. ඉඳල හිටල එකපාරට එලියට එනව. TV එක බලනව.කම්පියුටරේට එබෙනව. එකපාරට commerce සබ්ජෙක්ට් එකකින් මොකක් හරි කතාවක් පටන් ගන්නව. අපිත් ඉතින් අහන් ඉන්නව. තේරෙනව කියලයෑ. කියන ඔක්කොටම ඔලුව වනනව. පොඩ්ඩක් මිනිහව නග්ගල තියන්නත් ඕන නේ.
දැන් 11.00 ත් වෙලා.තාම වැඩ. ගේම අතාරින්නෙම නෑ වගේ. දැන් ඉතින් ගිහින් නිදාගන්න කියන්න ඕන. එතකොටත් කියයි හොඳ හොඳ කතා ටිකක්. අහන් ඉන්න ඕන අමාරුවෙන් හරි. උදේ ඉඳල calls ගොඩයි. සුභ පැතුම් ඔක්කොටම කලින්. කෙල්ලො call කරනව හිටු කියල. මලය ඒ subject එක නම් හොඳට ගොඩ දාල තියනව.
කොහෙම උනත් අපේ මලයත් ඇතුලුව pass paper එකක්වත් නොලිය(මේ අලුත් syllabus එකේ මුල්ම විභාගෙනේ) හෙට A/L ලියන්න යන හැමෝටම වැඩේ හොඳටම ගොඩදාගන්න සියලු ගට ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.