Tuesday, August 30, 2011

ආයෙමත් වහිනවා......


වස්සානය
අතීතයට එක්වී
සිත් විල වියලී
ඉරි තලා යද්දී

ආයෙමත්
මහා වැහි බිඳු
කොළඹ අහසින්
පතිතවෙන හැටි

කේඬෑරි වුන
සිහින තණපත්
ලැව් ගින්නකට
මුල පුරද්දී

පාර අද්දර
වැටමාර ගස්
මඩ වතුර බී
සැනහෙනා හැටි

හිතේ ගින්දර
මකාලන්නට
ඔය වැස්ස දෙන
සිසිල මදිමුත්

නොනැවති එක
දිගට වැහැපන්
ගතටවත් සිසිල වී
හිත මොකක් වූවත්....

4 comments:

  1. අප්පේ මෙහෙට්ට තාම හරි හැටි වැස්සක් නෑ.අහස අදුරු වෙලා නම් තියනව.වැහිබින්දුවක් වැටුනේ නෑ තාම.

    ReplyDelete
  2. ඔහෙට්ට තාම වැස්සෙ නැද්ද අක්කේ.. මෙහෙට්ටනම් අම්බානක වැස්සා.. අපි ආවා ඔය පැත්තෙ ගිය සතියෙ .. හොඳට දූවිලි කෑවා...

    ReplyDelete
  3. අඩේ තීම් එකත් වෙනස් කරල. දැනුයි දැක්කෙ.

    ReplyDelete
  4. කොහොමද ඊයෙ හවස වැහැපු වැස්ස.

    ReplyDelete