Saturday, August 13, 2011

අවසානයට මොහොතකට පෙර....

අද....

පසළොස්වක හඳ
අහසෙ පායලා
මුලු නුවරම
පෙරහැරට සැරසෙද්දි
අපි දෙන්න අඬනවා

දළදා සමිඳුත් නොදකින
නුවර කඳු වළල්ලක්
මහා පවුරක් වෙලා
ඔයාව හිරකරගෙන

මම අනෙක් පස
ඒ කඳු වළල්ල දිහා
කඳුලු මැදින් බල බල
සුසුම් හෙලනව

අපි දැන් මොකද කරන්නෙ?
දෙන්නට දෙන්න
අහන ප්‍රශ්නෙට
දෙන්නටම උත්තර නෑ

හැමදාම ඉන්න
නමුණුකුල කන්ද වගේ
කිසිදාක නොසැලී
හැම දුකම දරාගෙන

බොල්ගොඩ ඉවුර වගේ
මහා ජල කඳ රඳාගෙන
බිඳක් වත්
පිටත යානොදී

එහෙමයි කිව්වෙ
දෙන්නට දෙන්න

හැමදාම හිනා වෙන්න...
එච්චරයි......

6 comments:

  1. හැමදාම හිනා වෙන්න පුලුවන් නම් හොදයි.හැම දුකක්ම අමතක කරලා...

    ReplyDelete
  2. නදී අක්කගේ කතාවට මාත් එකඟයි.

    ReplyDelete
  3. @ නදී, මධුරංග : හිතනවද එහෙම පුලුවන් වෙයි කියල?

    ReplyDelete
  4. ට්‍රයි කරලා බලපං හපා...

    මොනා වුනත් උඹේ උපමා ටික නම් මැක්සා බං... වැඩිපුර යොදා නොගන්න එව්වා...

    ReplyDelete
  5. හපා පෙරහැර බලන්න ගියෙ නැතෙයි?

    ReplyDelete
  6. හැමදාම හිනා වෙන්න ..හැම නරකම හොද පැත්තක් කොහේ හරි හැංගිලා තියෙනවා..වෙන්න තියෙන දේට වඩා වෙච්චි දේ හොදයි කියලා හිතන්න..

    ReplyDelete