Thursday, January 13, 2011

හොස්ටල් එකේ උදෑසනක්................

ඈත කාමරයක් දෙසින් "දේදුන්න සේදි රෑ නිල්ල උතුරා" ගීතය යාන්තමින් ඇසේ. අයෙකු උදෑසනම පරිඝනකය ක්‍රියාත්මක කර ඇත. විටින් විට ඇසෙන එලාම් නාද විවිධ ගීත ඛණ්ඩ තප්පර කීපයකට ගුවනට මුදාහරී. යලිත් සියල්ල මොහොතකට සන්සුන්........ මන්දාරම පහව ගොස් නැති අහස උදෑසන හිරු වසන් කරගෙන බලා සිටී. තවමත් නතරවී නැති වැහිපොද ගස්  අතු අතරින් බේරී සෙමින් සෙමින් තෙත බරිත පොළොව සිප ගනී."ඊයේ රාත්‍රී වැස්ස අද දවසටත් ක්‍රියාත්මකයි" වැහි බිඳු අඟවයි.විටින් විට ඇසෙන කුරුලු නාද අතරට බල්ලෙකු බුරන හඬක් එක් වෙයි.හොඳින් සවන් දුනහොත් ඈතින් ඇසෙන 255 බස් රථයේ හඬ හඳුනාගත හැක.ඒ හඬ මැදින් මේ සීතල උදෑසනේ බසයට ගොඩවන්නට පොරකන්න  රුව මට මැවී පෙනේ.


සෙරෙප්පු දෙකක් පොලොව හා ගැටෙන හඬ ඈතින් ඇසේ. එය ක්‍රමයෙන් වැඩිවී යලි අඩු වීයයි.ස්වල්ප වෙලාවකින් ජල කරාමයකින් ජලය ගලා යන හඬක් ඇසේ. යලිත් සෙරෙප්පු හඬ........ දැන් දැන් කුඩා දෙබස් ඛන්ඩ එකින් එක සවනට නැගේ.මදුරුවන් කීප දෙනෙකුටම මා උදෑසන ආහාරය සපයා ඇතිබව තේරුම් යන්නේ බොහෝ වේලාවකට පසුය. 
මමත් ඉඳල ඉඳල පාන්දරින්ම ඇහැරී පටන්ගත්තේ power systems ය.ඒත් කලේ වෙන එකකි. ඒකත් මරුය..
ක‍ටුවැඩ කොල තියෙන්නෙ blog ලියන්න නෙමේ............

2 comments:

  1. කටුවැඩ කොල තියෙන්නේ කටුවැඩ වලටනේ. ඇයි ඒවයේ බ්ලොග් ලියන්නේ.

    ජයවේවා... කිව්ව දේ තේරුනේ නැත්තං, කොහොම හරි හිතලා තේරුම් ගනින්.

    ReplyDelete
  2. @prasanna86k කිව්ව එක තේරුනා කියල හිතනවා.. මේ උදේ පාන්දර computer එක on කරල තිබ්බෙ නෑ නෙ. ඒ හින්ද blog එක ලියන්න උනේ මුලින්ම ක‍ටුවැඩ කොලේ තමා.........

    ReplyDelete