Sunday, December 26, 2010

ඇරඹුම.......

බ්ලොග් ... 
මේ ජාතියෙයෙන් එකක් ලියන්න ඕන කියල අදහස ඇවිත් චිරාත් කාලයක් උනත් , එකවුන්ට් එකක් හදල ගොඩ කල් උනත් ඉස්ඉස්සෙල්ලම ඕකක් ලියන්නෙ අද... mail account එකට වැදගැම්මකට ඇති එක mail එකක්වත් ඇවිත් නොතිබූ කල, facebook එකත් මෙලෝ රහක් නැතිවූ කල අර හදල මාස ගානක් වෙච්ච මගෙ බ්ලොග් එකක්වත් නැති බ්ලොග් එක මතක් උනා.  මේක කියවන කස්ටිය අනිවා හික්ස් ගාල මට හිනා වෙයිද කියන ආඩම්බරකාර හැඟිම සමඟින් ඔන්න මමත් එකක් ලියන්න පටන් ගත්තා. ....හරි පටන්ගත්තා කියමුකො.... මොනවද ලියන්නෙ?ඔන්න ආපු පලවෙනි mcq එක ..( ඇත්තවශයෙන්ම ඔකට කලින් ප්‍රශ්නයක් ආව.ඒකට නම් එකපාරට උත්තරේ හොයාගත්තා..මේ ...ලියන භාසාව මොකද්ද කියන එක...ඒකට උත්තරය සහ උත්තරයට හේතුව කියන්න ඕන නෑනෙ)
ඇත්තටම මේක තමා බ්ලොග් ලියන්න උනත් හොඳම කාලය. මාස ගානක් ආතල් එකේ ගෙදර හිටිය...ඊටපස්සෙ වැඩක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති මාස දෙකක් විතරත් ගෙවුන. කෝ නිකමටවත් හිතුනද බ්ලොග් ලියන්න. නෑනෙ..පස්මහ බැලුම් බලල බලල ඉබේටම වගෙ අපිට උනත් බ්ලොග් ලියන්න හිතෙන්නෙ assingment හිර වෙලා coursework කෙලවෙලා exam ලංවෙලා තියන මේවගෙ  වාසනාවන්ත කාලෙකමයි.


කොහොමහරි මම ඉතින් වටේ පිටේ පොඩි search පාරක් දාල  බැලුව මොනවද කට්ටියගෙ බ්ලොග් වල තියෙන්නෙ කියල ලියන්න කලින් ආදර්ශෙට ගන්න...පටන්ගත්තෙ මගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකකින්... ඒක තනිකර computer පන්තියක්..ඒවගේ එව අමරුයි...දන්න දෙයක් එපෑ ලියන්න... ඊලඟ එක කවි,නිසඳැස්.... ඒවනම් ලියන්න පුලුවන් හැබැයි කියවන්න තමා අමාරු...කොහොමෙන් කොහොමහරි අනිත් අයගෙ බ්ලොග් බල බල ඉන්නකොට මතක්උනා මමත් මේ එකක් ලියන්ව නේද කියල... ඒත් එතින් ලියන්න දෙයක් නැත්නම් මේ ටික ලියල හරි shape වෙන්න ඕන කියල හිතුන. 


 ඔන්න එතින් අන්තිමට මමත් බ්ලොග් එකක් ලිව්වා..... ඉස්සරහට තව මොනව මොනව හරි ලියන්නම්...

1 comment: